3. 3. 2. 10.
20. මහණෙනි, මේ මුනිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි මුනිභාවය, වාග්ද්වාරයෙහි මුනිභාවය, මනෝද්වාරයෙහි මුනිභාව යි.
මහණෙනි, කායද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. අබ්රම්සරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි මුනිභාවය යි කියනු ලැබේ.
මහණෙනි, වාග්ද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි. සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි මුනිභාවය යි කියනු ලැබේ.
මහණෙනි, මනෝද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්රවයන් ක්ෂය කිරීමෙන් අනාස්රව වූ චේතෝවිමුක්තිය ප්රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන වෙසෙයි. මහණෙනි, මේ මනෝද්වාරයෙහි මුනිභාව යි කියනු ලැබේ.
මහණෙනි, මොහු තුන් මුනිභාවයෝ යි.
2. කායද්වාරයෙන් පවිත්ර වූ වාග්ද්වාරයෙන් පවිත්ර වූ මනෝද්වාරයෙන් පවිත්ර වූ එයින් ම අනාස්රව වූ එයින් ම මුනිභාවයෙන් යුක්ත වූ රහත් මුනිහු සියලු පව් පැහුවකු කොට කියත්.
දෙවන ආපායික වර්ගය යි.
[3. භරණ්ඩු වර්ගය]
3. 3. 3. 1.
[කුසිනාරානිදාන යි]
21. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කුසිනාරා නුවර බලිහරණ නම් වනලැහැබෙහි වැඩවසන සේක. එකල භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක ...
මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට ගෙණ වෙසෙයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්රයෙක් හෝ එළඹ සෙටදවස වියයුතු බොජ සඳහා බතින් නිමන්ත්රණය කෙරෙයි. මහණෙනි, කැමැති වන මහණ ඉවසයි. හේ එරැය ගෙවීයෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙණ ඒ ගෘහපතියාගේ හෝ ගෘහපතිපුත්රයාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැණ වූ අස්නෙහි හිඳුනේය. ඒ මහණ ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්රයා හෝ ප්රණීත වූ ඛාද්යයෙන් භෝජ්යයෙන් සියතින් සතපයි. මොනොවට පවරයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්රයා හෝ ප්රණීත වූ ඛාද්යයෙන් භෝජ්යයෙන් සියතින් මා මොනොවට සතපනේය. මොනොවට පවරවනේය” කියා යි මෙසේ ද ඔහුට සිතෙක් වෙයි. “යහහ, මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්රයා හෝ මතුයෙහිදු මෙබඳු ප්රණීත වූ ඛාද්යයෙන් භෝජ්යයෙන් සියතින් මා සතපා නම් මොනොවට පවරවා නම් මැනව” කියා යි. ඒ මහණ ඒ පිණ්ඩපාතය තෘෂ්ණායෙන් ග්රථිත වූයේ මූර්ඡිතවූයේ තෘෂ්ණා විසින් ගිලගත්තේ ආදීනව නො දක්නා සුල්ලේ නිස්සරණප්රඥා නැත්තේ වළඳ කෙරෙයි. ඒ මහණ එහි කාමවිතර්කය ද විතර්කණ කෙරෙයි. ව්යාපාදවිතර්කය ද විතර්කණ කෙරෙයි. විහිංසාවිතර්කය ද විතර්කණ කෙරෙයි. මහණෙනි, මම මෙබඳු මහණහට දෙන ලද්ද මහත්ඵලය යි නො කියමි. ඒ කවරහෙයින යත්: මහණෙනි, ඒ මහණ පමාවූයේ වෙසේ. එහෙයිනි.
මහණෙනි, මෙසස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වෙසෙයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්රයෙක් හෝ එළඹ සෙටදවසට බතින් නිමන්ත්රණය කෙරෙයි. මහණෙනි, කැමති වන මහණ ඉවසයි. ඒ මහණ ඒ රැය ගෙවීයෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙණ ඒ ගෘහපතියාගේ ගෘහපතිපුත්රයාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැණ වූ අස්නෙහි හිඳුනේය. ඒ මහණ ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්රයා හෝ ප්රණීත වූ ඛාද්යයෙන් භෝජ්යයෙන් සියතින් සතපයි. මොනොවට පවරවයි. ඔහුට මෙබඳු සිතෙක් නොවෙයි: “මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්රයා හෝ ප්රණීත වූ ඛාද්යයෙන් භෝජ්යයෙන් සියතින් මා සතපනේය. මොනොවට පවරවනේය” කියා යි. ඔහුට මෙබඳු සිතෙක් ද නොවෙයි. “යහහ, මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්රයා හෝ මතුයෙහි දු මෙබඳු ප්රණීත වූ ඛාද්යයෙන් භෝජ්යයෙන් සියතින් මා සතපා නම් මොනොවට පවරා නම් මැනව” කියා යි. ඒ මහණ ඒ පිණ්ඩපාතය ග්රථිත නොවූයේ මූර්ඡිත නොවූයේ නොගිලගත්තේ ආදීනව දක්නා සුලු වූයේ නිස්සරණප්රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ මහණ එහි නිෂ්කාමවිතර්කය ද විතර්කණ කෙරෙයි. අව්යාපාදවිතර්කය ද විතර්කණ කෙරෙයි. අවිහිංසාවිතර්කය ද විතර්කණ කෙරෙයි. මහණෙනි, මම මෙබඳු මහණහට දෙන ලද්ද මහත්ඵල ය යි කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ මහණ අප්රමාද විහරණ ඇතියේ වෙසෙයි.