3. 3. 2. 7.
17. මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කර්මාන්තවිපත්තිය, ආජීවවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි.
මහණෙනි, කර්මාන්තවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි ... සම්ඵලාප්ප ඇතියේ වෙයි. මහණෙනි, මේ කර්මාන්තවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, ආජීවවිපත්ති කවර?
මහණෙනි, මෙලොව ඇතැමෙක් මිථ්යාආජීව ඇතියේ වෙයි. මිථ්යාආජීවයෙන් ජීවිකා කෙරෙයි. මහණෙනි, මේ ආජීවවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර?
මහණෙනි, මෙලොව ඇතැමෙක් මිථ්යාදෘෂ්ටික වෙයි. විපරීතදර්ශන ඇතියේ වෙයි. “දානවිපාක නැත, (මඞ්ගල විසින් යුතුකළ) ඉෂ්ටදානයෙහි විපාක නැත, ... මෙලොවත් පරලොවත් තමන් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට දෙසන මනාගති ඇති මොනොවට පිළිපන් මහණබමුණෝ ලොව නැත”, යන විපරීතදර්ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි මොහු තුන් විපත්තීහු යි.
මහණෙනි, මේ සම්පත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කර්මාන්තසම්පත්තිය, ආජීවසම්පත්තිය, දෘෂ්ටිසම්පත්ති යි.
මහණෙනි, කර්මාන්තසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි ... සම්ඵප්පලපින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ කර්මාන්තසම්පත්ති යි කියනු ලැබේ.
මහණෙනි, ආජීවසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් සම්යග් ආජීව ඇතියේ වෙයි. සම්යග් ආජීවයෙන් ජීවිකා කෙරෙයි. මහණෙනි, මේ ආජීවසම්පත්ති යි කියනු ලැබේ.
මහණෙනි, දෘෂ්ටිසම්පත්ති කවර?
මහණෙනි, මෙලොව ඇතැමෙක් සම්යග් දෘෂ්ටික වෙයි. විපරීතදර්ශන නැතියේ වෙයි. “දානවිපාක ඇත, ඉෂ්ටවිපාක ඇත, ... මෙ ලොවත් පරලොවත් තමන් විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්රකාශ කරණ මනාගති ඇති මොනොවට පිළිපන් මහණබමුණෝ ලොව ඇත”, යන අවිපරීතදර්ශන ඇතියේ වෙයි.
මහණෙනි, මේ දෘෂ්ටිසම්පත්ති යි කියනු ලැබේ. මහණෙනි මේ ත්රිවිධ සම්පත්තීහු යි.
3. 3. 2. 8.
18. මහණෙනි, මේ ශුචිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි ශුචිභාවය, වාග්ද්වාරයෙහි ශුචිභාවය, මනෝද්වාරයෙහි ශුචිභාව යි.
මහණෙනි, කායද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.
මහණෙනි, වාග්ද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
මහණෙනි, මෙලොව ඇතැමෙක් මුසවායෙන් දුරු වූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි, සම්ඵප්පලාපයෙන් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.
මහණෙනි, මනෝද්වාරයෙහි ශුචිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙලොව ඇතැමෙක් අභිධ්යාබහුල නො වෙයි. ව්යාපාදයට පැමිණි සිතැතියේ නොවෙයි. සම්යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ මනෝද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.
මහණෙනි මොහු තුන් වැදෑරුම් ශුචිභාවයෝ යි.