3. 3. 1. 9.
9. මහණෙනි, වට්ටගාමීකර්මයන්ගේ පිඬුකිරීම පිණිස මේ කාරණයෝ තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: කර්මයන්ගේ රැස් කිරීම පිණිස ලෝභය කාරණයෙකි. කර්මයන්ගේ රැස් කිරීම පිණිස ද්වේෂය කාරණයෙකි. කර්මයන්ගේ රැස් කිරීම පිණිස මෝහය කාරණයෙකි.
මහණෙනි, ලෝභයෙන් කළ, ලෝභයෙන් උපන්, ලෝභය නිදන් කොට ඇති, ලෝභය කරුණු කොට ඇති, යම් කර්මයෙක් ඇද්ද, ඒ කර්මය අකුශලය, ඒ කර්මය සදෝෂය, ඒ කර්මය දුඃඛවිපාකය, ඒ කර්මය අන්යකර්මයන් රැස්කිරීම පිණිස ද පවතී. ඒ කර්මය වට්ටගාමීකර්මයන්ගේ නිරෝධය පිණිස නො වැටෙයි.
මහණෙනි, ද්වේෂයෙන් කළ ... යම් කර්මයෙක් ඇද්ද ... මහණෙනි, මෝහයෙන් කළ, මෝහයෙන් උපන්, මෝහය නිදන් කොට ඇති, මෝහය හේතු කොට ඇති යම් කර්මයෙක් ඇද් ද ඒ කර්මය අකුශලය. ඒ කර්මය සදෝෂය. ඒ කර්මය දුඃඛවිපාක ය. ඒ කර්මය අන්යකර්මයන්ගේ රැස්කිරීම පිණිස ද වැටේ. ඒ කර්මය වට්ටගාමී කර්මයන්ගේ නිරෝධය පිණිස නො වැටේ. මහණෙනි, වට්ටගාමී කර්මයන්ගේ රැස්කිරීම පිණිස මොහු කාරණයෝ තුන් දෙනයහ.
මහණෙනි, කර්මයන් රැස්කිරීම පිණිස මේ කාරණයෝ තුන්දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: කර්මයන්ගේ රැස්කිරීම පිණිස අලෝභය කාරණයෙකි. කර්මයන්ගේ රැස්කිරීම පිණිස අදෝෂය කාරණයෙකි. කර්මයන්ගේ රැස්කිරීම පිණිස අමෝහය කාරණයෙකි.
මහණෙනි, අලෝභයෙන් කළ, අලෝභයෙන් උපන්, අලෝභය නිදන් කොට ඇති, අලෝභය කරුණු කොට ඇති යම් කර්මයෙක් ඇද් ද, ඒ කර්මය කුශල ය. ඒ කර්මය අදෝෂ ය. ඒ කර්මය සුඛවිපාක ය. ඒ කර්මය කර්මනිරෝධය පිණිස වැටේ. ඒ කර්මය වට්ටගාමී කර්මයන්ගේ රැස්කිරීම පිණිස නො වැටේ.
මහණෙනි, අද්වෙෂයෙන් කළ යම් කර්මයෙක් ඇද් ද ... මහණෙනි, අමෝහයෙන් කළ, අමෝහයෙන් හටගත්, අමෝහය නිදන් කොට ඇති, අමෝහය හේතු කොට ඇති යම් කර්මයෙක් ඇද් ද ඒ කර්මය කුශලය. ඒ කර්මය අදෝෂ ය. ඒ කර්මය සුඛවිපාක ය. ඒ කර්මය කර්මයන්ගේ නිරෝධය පිණිස වැටේ. ඒ කර්මය කර්මයන්ගේ රැස්කිරීම පිණිස නො වැටේ. මහණෙනි, වට්ටගාමී කර්මයන්ගේ රැස්කිරීම පිණිස මොහු කාරණයෝ තුන් දෙනයහ.
3. 3. 1. 10.
10. මහණෙනි, වට්ටගාමී කර්මයන්ගේ රැස්කිරීම පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි: කවර තුන් දෙනෙක යත්: මහණෙනි, අතීත වූ ඡන්දරාගයට කරුණු වූ ධර්මයන් අරභයා තෘෂ්ණාච්ඡන්දය උපදී. මහණෙනි, අනාගත වූ ඡන්දරාගයට කරුණු වූ ධර්මයන් අරභයා තෘෂ්ණාච්ඡන්දය උපදී. මහණෙනි, ප්රත්යුත්පන්න වූ ඡන්දරාගයට කරුණු වූ ධර්මයන් අරභයා තෘෂ්ණාච්ඡන්දය උපදී.
මහණෙනි, කෙසේ අතීත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්දය උපදනේ ය යත්: මහණෙනි, අතීත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්කණය කෙරෙයි, නුකොට විචාරණය කෙරෙයි. අතීත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්කණය කරණ නුකොට විචාරණයකරණ ඔහට තෘෂ්ණාච්ඡන්දය උපදී. හටගත් තෘෂ්ණාච්ඡන්ද ඇතියේ ඒ දහමින් සංයුක්ත වෙයි. මහණෙනි, සිත පිළිබඳ යම් සංරාගයෙක් වේ ද, මම තෙල සංරාගය සංයෝජනය යි කියමි. මහණෙනි, මෙසේ අතීත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරබයා තෘෂ්ණාච්ඡන්දය උපදී.