3. 3. 1. 10.
10. මහණෙනි, වට්ටගාමී කර්මයන්ගේ රැස්කිරීම පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි: කවර තුන් දෙනෙක යත්: මහණෙනි, අතීත වූ ඡන්දරාගයට කරුණු වූ ධර්මයන් අරභයා තෘෂ්ණාච්ඡන්දය උපදී. මහණෙනි, අනාගත වූ ඡන්දරාගයට කරුණු වූ ධර්මයන් අරභයා තෘෂ්ණාච්ඡන්දය උපදී. මහණෙනි, ප්රත්යුත්පන්න වූ ඡන්දරාගයට කරුණු වූ ධර්මයන් අරභයා තෘෂ්ණාච්ඡන්දය උපදී.
මහණෙනි, කෙසේ අතීත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්දය උපදනේ ය යත්: මහණෙනි, අතීත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්කණය කෙරෙයි, නුකොට විචාරණය කෙරෙයි. අතීත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්කණය කරණ නුකොට විචාරණයකරණ ඔහට තෘෂ්ණාච්ඡන්දය උපදී. හටගත් තෘෂ්ණාච්ඡන්ද ඇතියේ ඒ දහමින් සංයුක්ත වෙයි. මහණෙනි, සිත පිළිබඳ යම් සංරාගයෙක් වේ ද, මම තෙල සංරාගය සංයෝජනය යි කියමි. මහණෙනි, මෙසේ අතීත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරබයා තෘෂ්ණාච්ඡන්දය උපදී.
මහණෙනි, කෙසේ අනාගත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්දය උපදනේ ය යත්: මහණෙනි, අනාගත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්කණය කෙරේ ද, නුකොට විචාරණය කෙරේ ද, අනාගත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්කණය කරණ, නුකොට විචාරණය කරණ ඔහට තෘෂ්ණාච්ඡන්දයෙක් උපදි. හටගත් ඡන්ද ඇතියේ ඒ දහමින් සංයුක්ත වෙයි. මහණෙනි, සිත පිළිබඳ යම් සංරාගයෙක් වේ ද, මම තෙල සංරාගය සංයෝජනය යි කියමි. මහණෙනි, මෙසේ අනාගත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්දය උපදී.
මහණෙනි, කෙසේ ප්රත්යුත්පන්න වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්දය උපදනේ ය යත්: මහණෙනි, ප්රත්යුත්පන්න වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්කණය කෙරෙයි. නුකොට විචාරණය කෙරෙයි. ප්රත්යුත්පන්න වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නැවත විතර්ක කරණ නුකොට විචාරණ කරණ ඔහට තෘෂ්ණාච්ඡන්දයෙක් උපදී. හටගත් ඡන්ද ඇතියේ ඒ දහමින් සංයුක්ත වෙයි. මහණෙනි, සිත පිළිබඳ යම් සංරාගයෙක් ඇද් ද, මම තෙල සංරාගය සංයෝජනය යි කියමි. මහණෙනි, මෙසේ ප්රත්යුත්පන්න වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්දයෙක් උපදනේ ය. මහණෙනි, වට්ටගාමී කර්මයන්ගේ රැස් කිරීම පිණිස මොහු නිදානයෝ තුන් දෙනයහ.
මහණෙනි, විවට්ටගාමී කර්මයන්ගේ රැස් කිරීම පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, අතීත වූ ඡන්දරාගයට කරුණු වූ ධර්මයන් අරභයා තෘෂ්ණාච්ඡන්දය නූපදී. මහණෙනි, අනාගත වූ ඡන්දරාගයට කරුණු වූ ධර්මයන් අරභයා තෘෂ්ණාච්ඡන්දය නූපදී. මහණෙනි, ප්රත්යුත්පන්න වූ ඡන්දරාගයට කරුණු වූ ධර්මයන් අරභයා තෘෂ්ණාච්ඡන්දය නූපදී.
මහණෙනි, කෙසේ අතීත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්දය නූපදනේය යත්: මහණෙනි, අතීත වූ ඡන්දරාගයට කරුණු වූ දහමුන්ගේ මතුයෙහි විපාකය දනී. මතුයෙහි විපාක දැන, එය වළහයි. එය වළහා සිතින් පහ කොට නුවණින් විනිවිද දක්නේ ය. මහණෙනි, මෙසේ අතීත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා ඡන්දය නූපදනේ ය.
මහණෙනි, කෙසේ නම් අනාගත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්ද නූපදනේය යත්: මහණෙනි, අනාගත වූ ඡන්දරාගයට කරුණු වූ ධර්මයන්ගේ විපාකය මතුයෙහි දන්නේ ය. මතුයෙහි විපාක දැන, එය වළහයි. එය වළහා සිතින් පහ කරයි සිතින් පහ කොට නුවණින් විනිවිද දක්නේ ය. මහණෙනි, මෙසේ අනාගත වූ ඡන්දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්දය නූපදී.