3. 2. 1. 6.
6. එකල්හි එක්තරා මහසල්කුල බමුණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පසෙක හුන් බමුණු මහසල් තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: ‘භවත් ගෞතමයන් වහන්ස, ‘පෙර වනාහි මේ ලෝකය මිනිසුන් විසින් අවීචිය සේ නිරතුරු පිරුණේ වෙයි. ගම් නියම්ගම් රජදහන්හු (කුකුළකු විසින් පියහසරින් යා හැකි පමණ නුදුරෙහි වූ පියසි ඇති බැවින්) කුක්කුට සමපාතික වූහ’ යි. පෙර විසූ වෘද්ධ වූ මහලු වූ ආචාර්ය්ය ප්රාචාර්ය්ය වූ බණන බමුණන් අතින් මවිසින් අසනලදී’ යි.
භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් දැන් මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනී බවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර නො නුවර වේ නම්, දනවු නො දනවු වේ නම්, එයට හේතු කවර? එයට ප්රත්යය කවර’යි විචාළේ ය.

බමුණ, මෙකල වනාහි මනුෂ්යයෝ අධර්මරාගයෙන් රත් වූවාහු විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්යාධර්මයෙන් යුක්ත වෙති. අධර්මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු මිථ්යාධර්මයෙන් යුක්ත වූ ඔහු තියුණු සැත් ගෙණ උනුන් දිවි තොර කෙරෙත්. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙත්. යම් හෙයෙකින් මෙකල මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනු බවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර දු නො නුවර වේ නම්, දනවුදු නො දනවු වේ නම්, මේ එයට හේතු වෙයි. මේ එයට ප්රත්යය වේ.
වැලිදු බමුණ, මෙකල මිනිස්සු අධර්මරාගයෙන් රත් වූවාහු, විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්යාධර්මයෙන් යුක්ත වෙති. අධර්මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු, මිථ්යාධර්මයෙන් යුක්ත වූ ඔවුනට මේඝය මැනවින් වැසි දහර නො පවත්වයි. එයින් දුර්භික්ෂ වෙයි. ශස්යයෝ විෂමපාකී වෙති. සේතට්ඨිකා නම් ශස්යරෝගය වෙහි. වපුළ ධ්යාන්යය ඉරටු ම වෙයි. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙති. බමුණ, යම් හෙයෙකින් මෙකල මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනුබවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු ... දනවුදු නො දනවු වේ නම්, මෙ ද එයට හේතු වෙයි, එයට ප්රත්යය වේ.
වැලිදු බමුණ, මෙකල මිනිස්සු අධර්මරාගයෙන් රත්වූවාහු, විෂමලෝභයෙන් මැඩුනාහු, මිථ්යාධර්මයෙන් යුක්ත වෙති. අධර්මරාගයෙන් රත් වූ විෂමලෝභයෙන් මැඩුනු මිථ්යාධර්මයෙන් යුක්ත වූ ඔවුනට යක්ෂයෝ සැඩයකුන් මුදා හරිති. එයින් බොහෝ මිනිස්සු කලුරිය කෙරෙති. බමුණ, යම් හෙයෙකින් මෙකල මිනිසුන්ගේ අඩුවෙක් වේ නම්, තුනුබවෙක් පැණේ නම්, ගමුදු නොගම් වේ නම්, නියම්ගමුදු නො නියම්ගම් වේ නම්, නුවර නො නුවර වේ නම්, දනවු දු නොදනවු වේ නම්, මෙ ද එයට හේතු වෙයි. මෙ ද එයට ප්රත්යය වේ.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උවසුවකු කොට මා දරණ සේක්වා’ යි.
3. 2. 1. 7.
7. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පසෙක හුන් වච්ඡගොත්ත පිරිවැජි භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, මා විසින් තෙල අසන ලදි: ‘ශ්රමණ ගෞතමයෝ මෙසේ කියති’ යි. ‘මට ම දන් දිය යුතු ය. අන්හට දන් නො දිය යුතු ය. මාගේ ම සව්වනට දන් දිය යුතු ය. අනුන්ගේ සව්වනට දන් නො දිය යුතු ය. මට ම දුන් දැය මහත්ඵලය. අන්හට දුන් දැය මහත්ඵල නො වෙයි. මාගේ ම සව්වනට දුන් දැය මහත්ඵල ය. අන් සව්වනට දුන් දැය මහත්ඵල නො වේ’ යි.