3. 1. 3. 8.
28. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්යමාන වෙති. කවර තුන් දෙනෙක යත්: ගුථභාණීය, පුප්ඵභාණීය, මධුභාණීය යන මොහුයි.
මහණෙනි, ගුථභාණී පුද්ගල තෙමේ කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් සභාවට ගියේ හෝ ගම්පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේණි මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ “එම්බා, පුරුෂය, එව, යමක් දනිහි නම් එය කියව” යි පිළිවිසීමට හමියට කැඳවන ලද්දේ සාක්ෂි කොට පුළුවුස්නා ලද්දේ නොදන්නේ හෝ ‘දන්මි’යි කියයි. දන්නේ හෝ ‘නො දන්මි’ යි කියයි. නො දක්නේ හෝ ‘දක්මි’ යි කියයි. දක්නේ හෝ ‘නො දක්මි’යි කියයි. මෙසේ තමා හේතු කොට ගෙණ හෝ මෙරමා හේතු කොට ගෙණ හෝ මඳ ආමිෂයක් හේතු කොට ගෙණ හෝ දැන දැන මුසවා බෙණේ ද, මහණෙනි, මේ ගුථභාණී පුද්ගලයා යී කියනු ලැබේ.
මහණෙනි, පුප්ඵභාණී පුද්ගල කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුඟුලෙක් සභාවට ගියේ හෝ පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේණි මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ “එම්බා, පුරුෂය, එව, යමක් දනිහි නම් එය කියව” යි පෙරමුණට කැඳවන ලද්දේ සාක්ෂි කොට පුළුවුස්නා ලද්දේ වේ ද, හෙ නො දන්නේ හෝ “නොදන්මි”යි කියයි. දන්නේ හෝ “දන්මි” යි කියයි. නො දක්නේ හෝ “නො දක්මි” යි කියයි. දක්නේ හෝ “දක්මි”යි කියයි. මෙසේ තමා හේතු කොට හෝ මෙරමා හේතු කොට හෝ මඳ ආමිෂයක් හේතු කොට හෝ දැන දැන මුසවා නො බෙණේ ද, මහණෙනි, මේ පුප්ඵභාණී පුද්ගලයා යී කියනු ලැබේ.
මහණෙනි, මධුභාණී පුද්ගල කවරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයෙක් පරුස්විසිකම් දුරු කොට කොරොස් බසින් වැළහුනේ වෙයි. යම් බසක් නිදොස් ද, කණට සුව එළවා ද, පෙම් දනවා ද, ල ගණී ද, තන්වැසි (සභ්ය) ද, බොහෝ දෙනාට කැමති ද, බොහෝ දෙනාට මනාප ද, එබඳු බස් කියන්නේ වේ ද, මහණෙනි, මේ මධුභාණී පුද්ගලයා යී කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්යමාන වෙත් යයි.
3. 1. 3. 9.
29. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොව්හි විද්යමාන වෙත්. කවර තුන් දෙනෙක යත්: අන්ධ ය, එකැස් ඇත්තේ ය, දෑස් ඇත්තේ ය යි. මහණෙනි, අන්ධ පුද්ගල කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසි පුද්ගලයකුට යම්බඳු පැණැසෙකින් නොලත් භොග හෝ ලබන්නේ නම්, ලැබූ භෝග හෝ වඩා ගන්නේ නම්, එබඳු වූ නුවණැසෙක් නොවෙයි. යම් බඳු නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්රණීත දහම් දැනගන්නේ නම්, අන්යෝන්ය ප්රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැසෙක් ඕහට නැත. මහණෙනි, මේ පුද්ගල අන්ධයා යි කියනු ලැබේ.
මහණෙනි, එකැස් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසි පුද්ගලයකුට යම් බඳු ඇසෙකින් ලබා නොගත් භෝග ලබා ගන්නේ නම්, ලබාගත් භෝග හෝ වඩා ගන්නේ නම්, එබඳු නුවණැසෙක් ද වෙයි. යම් බඳු නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්රණීත ධර්මයන් දැනගන්නේ නම්, අන්යෝන්ය ප්රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැස ද ඔහට නො වේ. මහණෙනි, මේ පුද්ගල එකැස් පුඟුලාය යි කියනු ලැබේ.
මහණෙනි, දෑස් ඇති පුද්ගල කවරේය යත්: මහණෙනි, මේ ලොව්හි කිසි පුද්ගලයකුට යම් බඳු වූ නුවණැසෙකින් නොලැබූ හෝ භෝගයන් ලබාගන්නේ නම් හෝ ලබාගත් භෝගයන් වඩා ගන්නේ නම් එබඳු නුවණැසෙක් වෙයි. යම් බඳු වූ නුවණැසෙකින් කුසල් අකුසල් දහම් දැනගන්නේ නම්, සදොස් නිදොස් දහම් දැනගන්නේ නම්, හීනප්රණීත ධර්මයන් දැනගන්නේ නම්, අන්යෝන්ය ප්රතිවිරුද්ධ වූ කෘෂ්ණ ශුක්ල ධර්මයන් දැනගන්නේ නම්, එබඳු වූ නුවණැස ද ඔහට වේ. මහණෙනි, මේ දෑස් ඇති පුද්ගලයා යි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලොව්හි විද්යමාන වෙත්.
3. නට නුවණැස් ඇති අන්ධයාහට එබඳු භෝගයෝ නො වෙත්. පින් ද නොකරයි, දෙලොව්හි පරාජයග්රහණ වෙයි.
4. වැලිදු ශඨවැ සිටුනා හේ පින්පව් දෙකින් භෝගයන් සොයා ද, එබඳු වූ මේ අනෙක් එකැස් ඇති පුඟුලෙක් ද වදාරණ ලද්දේය.
5. කාමභෝගී වූ ඒ මිනිස් සොර රැවටිලි හා මුසවාය යන දෙකිනුදු භෝග රැස් කරන්නට දක්ෂයෙක් වේ. එකැස් ඇති හෙ මෙයින් නිරයට ගොස් වැනසෙයි.
6-7. දෑස් ඇත්තා වූ ශ්රේෂ්ඨ පුරුෂ පුද්ගලයෙක් ද වදාරණ ලද්දේය. ශ්රේෂ්ඨ සංකල්පනා ඇති විචිකිච්ඡාරහිත සිත් ඇති ඒ මනුෂ්යයා දැහැමින් ලත් භෝගයෙන් යුක්ත වූයේ උත්ථානවීර්ය්යයෙන් ලත් ධනය (මෙරමාහට) දෙයි. යම් තැනෙකට ගොස් නොසොස්නේ නම්, එබඳු සොඳුරු තැනට පැමිණෙයි.
8. අන්ධයා ද එකැස් ඇති පුද්ගලයා ද දුරින් දුරු කරන්නේය. ශ්රේෂ්ඨ වූ දෑස් ඇති පුරුෂ පුද්ගලයා සේවනය කරන්නේය යි.