2. 3. 13. 8.
35. මහණෙනි, මේ සංග්රහයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසංග්රහය හා ධර්මසංග්රහය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සංග්රහයෝ දෙදෙනා වෙත්. මහණෙනි, මේ සංග්රහයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මසංග්රහයෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.
2. 3. 13. 9.
36. මහණෙනි, මේ අනුග්රහයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂඅනුග්රහය හා ධර්මඅනුග්රහය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි අනුග්රහයෝ දෙදෙනා ය. මහණෙනි, මේ අනුග්රහයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මඅනුග්රහයෙක් වේ නම්, තෙල අග්ර වේ යයි.
2. 3. 13. 10.
37. මහණෙනි, මේ අනුකම්පාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂඅනුකම්පාව හා ධර්මානුකම්පාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි අනුකම්පාවෝ දෙදෙනා ය. මහණෙනි, මේ අනුකම්පාවන් දෙදෙනා අතුරෙන් යම් ධර්මඅනුකම්පාවෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.
තෙළෙස්වන වගයි.
[14. සන්ථාර වර්ගය]
[සැවැත්නිදාන යි]
2. 3. 14. 1.
38. මහණෙනි, මේ සන්ථාරයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසන්ථාරය හා ධර්මසන්ථාරය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සන්ථාරයෝ දෙදෙනාය. මහණෙනි, මේ සන්ථාරයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මසන්ථාරයෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.
2. 3. 14. 2.
39. මහණෙනි, මේ පටිසන්ථාරයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂපටිසන්ථාරය හා ධර්මපටිසන්ථාරය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි පටිසන්ථාරයෝ දෙදෙනාය. මහණෙනි, මේ පටිසන්ථාරයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මපටිසන්ථාරයෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.
2. 3. 14. 3.
40. මහණෙනි, මේ ඒසනාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසඒසනාව හා ධම්මඒසනාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි ඒසනාවෝ දෙදෙනාය. මහණෙනි, මේ ඒසනාවන් දෙදෙනා අතුරෙන් යම් ධම්මඒසනාවෙක් වේ නම්, තෙල අග්ර වේ යයි.
2. 3. 14. 4.
41. මහණෙනි, මේ පරියේසනාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපරියේසනාව හා ධම්මපරියේසනාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි පරියේසනා දෙකය. මහණෙනි, මේ පරියේසනාවන් දෙදෙනා අතුරෙන් යම් ධම්මපරියේසනාවෙක් වේ නම්, තෙල අග්ර වේ යයි.
2. 3. 14. 5.
42. මහණෙනි, මේ (මුදුන්පත්සෙවීම්) පරියෙට්ඨීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපරියෙට්ඨීය හා ධම්මපරියෙට්ඨීය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි පරියෙට්ඨීහු දෙදෙනාය. මහණෙනි, මේ පරියෙට්ඨීන් දෙදෙනා අතුරෙන් යම් ධම්මපරියෙට්ඨීයෙක් වේ ද, මෙය අග්ර වේ යයි.