2. 3. 13. 3.
30. මහණෙනි, මේ ත්‍යාග දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිෂත්‍යාගය හා ධර්‍මත්‍යාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ත්‍යාග දෙකය. මහණෙනි, මේ ත්‍යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම ත්‍යාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 4.
31. මහණෙනි, මේ පරිත්‍යාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂපරිත්‍යාගය හා ධර්‍මපරිත්‍යාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි පරිත්‍යාගයෝ දෙදෙනායි. මහණෙනි, මේ පරිත්‍යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම පරිත්‍යාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 5.
32. මහණෙනි, මේ භෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂභෝගය හා ධර්‍මභෝගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි භෝග දෙක ය. මහණෙනි, මේ භෝගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මභෝගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 6.
33. මහණෙනි, මේ සම්භෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසම්භෝගය හා ධර්‍මසම්භොගය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සම්භෝගයෝ දෙදෙනායි. මහණෙනි, මේ සම්භෝගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසම්භෝගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 7.
34. මහණෙනි, මේ සංවිභාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසංවිභාගය හා ධර්‍මසංවිභාගය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සංවිභාගයෝ දෙදෙනා වෙත්. මහණෙනි, මේ සංවිභාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 8.
35. මහණෙනි, මේ සංග්‍රහයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසංග්‍රහය හා ධර්‍මසංග්‍රහය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සංග්‍රහයෝ දෙදෙනා වෙත්. මහණෙනි, මේ සංග්‍රහයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසංග්‍රහයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 9.
36. මහණෙනි, මේ අනුග්‍රහයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂඅනුග්‍රහය හා ධර්‍මඅනුග්‍රහය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි අනුග්‍රහයෝ දෙදෙනා ය. මහණෙනි, මේ අනුග්‍රහයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මඅනුග්‍රහයෙක් වේ නම්, තෙල අග්‍ර වේ යයි.
2. 3. 13. 10.
37. මහණෙනි, මේ අනුකම්පාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂඅනුකම්පාව හා ධර්‍මානුකම්පාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි අනුකම්පාවෝ දෙදෙනා ය. මහණෙනි, මේ අනුකම්පාවන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මඅනුකම්පාවෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
තෙළෙස්වන වගයි.
[14. සන්‍ථාර වර්‍ගය]
[සැවැත්නිදාන යි]
2. 3. 14. 1.
38. මහණෙනි, මේ සන්‍ථාරයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසන්‍ථාරය හා ධර්‍මසන්‍ථාරය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සන්‍ථාරයෝ දෙදෙනාය. මහණෙනි, මේ සන්‍ථාරයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසන්‍ථාරයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 14. 2.
39. මහණෙනි, මේ පටිසන්‍ථාරයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂපටිසන්‍ථාරය හා ධර්‍මපටිසන්‍ථාරය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි පටිසන්‍ථාරයෝ දෙදෙනාය. මහණෙනි, මේ පටිසන්‍ථාරයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මපටිසන්‍ථාරයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 14. 3.
40. මහණෙනි, මේ ඒසනාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසඒසනාව හා ධම්මඒසනාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි ඒසනාවෝ දෙදෙනාය. මහණෙනි, මේ ඒසනාවන් දෙදෙනා අතුරෙන් යම් ධම්මඒසනාවෙක් වේ නම්, තෙල අග්‍ර වේ යයි.
2. 3. 14. 4.
41. මහණෙනි, මේ පරියේසනාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපරියේසනාව හා ධම්මපරියේසනාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි පරියේසනා දෙකය. මහණෙනි, මේ පරියේසනාවන් දෙදෙනා අතුරෙන් යම් ධම්මපරියේසනාවෙක් වේ නම්, තෙල අග්‍ර වේ යයි.
2. 3. 14. 5.
42. මහණෙනි, මේ (මුදුන්පත්සෙවීම්) පරියෙට්ඨීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපරියෙට්ඨීය හා ධම්මපරියෙට්ඨීය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි පරියෙට්ඨීහු දෙදෙනාය. මහණෙනි, මේ පරියෙට්ඨීන් දෙදෙනා අතුරෙන් යම් ධම්මපරියෙට්ඨීයෙක් වේ ද, මෙය අග්‍ර වේ යයි.