2. 3. 12. 5.
17. මහණෙනි, දහම් දෙකෙකින් සමන්වාගත වූ අව්යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ සාරා දමන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කරයි. සදොස් වූයේ ද නුවණැත්තන් ගේ උපවාදයට යෝග්ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරයි. කවර දෙකෙකින යත්: නොදැන නොපිවිස නුගුණ කීමට සුදුස්සාගේ ගුණ කියා නම්, නොදැන නොපිවිස ගුණ කීමට සුදුස්සාගේ අගුණ කියා නම්, මහණෙනි, මේ දහම් දෙකින් යුක්ත වූ අව්යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ සාරා දමන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. සදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේ ය යි.
2. 3. 12. 6.
18. මහණෙනි, දහම් දෙකෙකින් සමන්වාගත වූ ව්යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙමේ සාරා නො දැමූ ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්ය නුවූයේ ද වේ. බොහෝ පින් ද රැස් කරණේය. කවර දෙකෙකින යත්: දැන පිවිස නුගුණ කිය යුත්තාගේ නුගුණ කියා නම්, දැන පිවිස ගුණ කීමට සුදුස්සාගේ ගුණ කියා නම්, මහණෙනි, මේ දහම් දෙකින් යුක්ත වූ ව්යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම සාරා නො දමන ලද ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. නිදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්ය නුවූයේ ද වේ. බොහෝ පින් ද රැස් කරණේ ය යි.
2. 3. 12. 7.
19. මහණෙනි, දහම් දෙකෙකින් සමන්වාගත වූ අව්යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ කනන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේය. කවර දෙකෙකින යත්: නොදැන නොපිවිස නොපැහැදිය යුතු තන්හි ප්රසාදය දක්වන්නේ ද, නො දැන නොපිවිස පැහැදිය යුතු තන්හි අප්රසාදය දක්වන්නේ ද යන දෙකිනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්වාගත වූ අව්යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ කනන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේ ය යි.
2. 3. 12. 8.
20. මහණෙනි, දහම් දෙකෙකින් සමන්වාගත වූ ව්යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙමේ නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තවුන් විසින් උපවාද නොකට යුත්තේ ද වේ. බොහෝ පින් ද රැස් කරයි. කවර දෙකෙකින යත්: දැන පිවිස නො පැහැදිය යුතු තන්හි අප්රසාදය දක්වන්නේ ද, දැන පිවිස පැහැදිය යුතු තන්හි ප්රසාදය දක්වන්නේ ද යන දෙකිනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්වාගත වූ ව්යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නොකට යුත්තේ ද වේ. බොහෝ කුසල් ද රැස් කරණේය යි.
2. 3. 12. 9.
21. මහණෙනි, දෙතැනෙක්හි වරදවා පිළිපදනා වූ අව්යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි, සදොස් වූයේ ද නුවණැත්තන් විසින් ගැරැහිය යුතු වූයේ ද වෙයි. බොහෝ පව් ද රැස් කරණේය. කවර දෙතැනෙකය යත්: මවු කෙරෙහි ද පියා කෙරෙහි ද යන දෙතැන්හිය. මහණෙනි, මේ දෙතැන්හි වරදවා පිළිපදනා වූ අව්යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද කටයුත්තේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේය.
2. 3. 12. 10.
22. මහණෙනි, දෙතැනෙක්හි මොනොවට පිළිපදනා වූ ව්යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කට යුත්තේ ද වෙයි. බොහෝ කුසල් ද රැස් කරණේය. කවර දෙතැනෙක යත්: මවු කෙරෙහි ද පියා කෙරෙහි ද යන දෙතැන්හිය. මහණෙනි, මේ දෙතැන්හි මොනොවට පිළිපදනා වූ ව්යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ ද වේ. බොහෝ පින් ද රැස් කරණේය යි.