2. 3. 12. 11.
23. මහණෙනි, දෙතැනෙක වරදවා පිළිපදනා වූ අව්යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නටගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූ යේ ද නුවණැත්තන් විසින් උපවාද කළ යුත්තේ ද වෙයි. බොහෝ පව් ද රැස් කරණේය. කවර දෙතැනෙකය යත්: තථාගතයන් වහන්සේ කෙරෙහි ද තථාගතශ්රාවකයා කෙරෙහි ද යන දෙතන්හිය. මහණෙනි, මේ දෙතන්හි වරදවා පිළිපදනා වූ අව්යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූයේ ද නුවණැත්තවුන් විසින් උපවාද කටයුත්තේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේ ය යි.
2. 3. 12. 12.
24. මහණෙනි, දෙතැනෙක මනාව පිළිපදනා වූ ව්යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ ද වෙයි. බොහෝ පින් ද රැස් කරණේය. කවර දෙතැනෙකය යත්: තථාගතයන් වහන්සේ කෙරෙහි ද තථාගතශ්රාවකයා කෙරෙහි ද යන දෙතන්හිය. මහණෙනි, මේ දෙතන්හි මනාව පිළිපදනා වූ ව්යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ ද වෙයි. බොහෝ පින් ද රැස් කරණේ ය යි.
2. 3. 12. 13.
25. මහණෙනි, මේ ධර්ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අෂ්ටසමාපත්ති සඞ්ඛ්යාත) සව්චිත්තව්යවදානය ද ලොවැ කිසි එක ද ධර්මයක් (තෘෂ්ණා දෘෂ්ටි මානපරාමර්ශයෙන්) නොගන්නේ ද යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්ම දෙකයි.
2. 3. 12. 14.
26. මහණෙනි, මේ ධර්ම දෙකෙකි. කවර දෙකෙක යත්: ක්රෝධය හා උපනාහය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්ම දෙකයි.
2. 3. 12. 15.
27. මහණෙනි, මේ ධර්ම දෙකෙකි. කවර දෙකෙක යත්: ක්රෝධවිනය හා උපනාහවිනය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්ම දෙකයි.
දොළොස්වන වග යි.
[13. දාන වර්ගය]
[සැවැත්නිදාන යි]
2. 3. 13. 1.
28. මහණෙනි, මේ දාන දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිෂදානය හා ධර්මදානය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි දාන දෙකය. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් ධර්මදානයෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.
2. 3. 13. 2.
29. මහණෙනි, මේ යාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂයාගය හා ධර්මයාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි යාග දෙකය. මහණෙනි, මේ යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මයාගයෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.
2. 3. 13. 3.
30. මහණෙනි, මේ ත්යාග දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිෂත්යාගය හා ධර්මත්යාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ත්යාග දෙකය. මහණෙනි, මේ ත්යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්ම ත්යාගයෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.
2. 3. 13. 4.
31. මහණෙනි, මේ පරිත්යාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂපරිත්යාගය හා ධර්මපරිත්යාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි පරිත්යාගයෝ දෙදෙනායි. මහණෙනි, මේ පරිත්යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්ම පරිත්යාගයෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.
2. 3. 13. 5.
32. මහණෙනි, මේ භෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂභෝගය හා ධර්මභෝගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි භෝග දෙක ය. මහණෙනි, මේ භෝගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මභෝගයෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.
2. 3. 13. 6.
33. මහණෙනි, මේ සම්භෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසම්භෝගය හා ධර්මසම්භොගය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සම්භෝගයෝ දෙදෙනායි. මහණෙනි, මේ සම්භෝගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මසම්භෝගයෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.
2. 3. 13. 7.
34. මහණෙනි, මේ සංවිභාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසංවිභාගය හා ධර්මසංවිභාගය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සංවිභාගයෝ දෙදෙනා වෙත්. මහණෙනි, මේ සංවිභාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මසංවිභාගයෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.
2. 3. 13. 8.
35. මහණෙනි, මේ සංග්රහයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසංග්රහය හා ධර්මසංග්රහය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සංග්රහයෝ දෙදෙනා වෙත්. මහණෙනි, මේ සංග්රහයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මසංග්රහයෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.