රාගපෙය්‍යාලය
1-10.
මහණෙනි, රාගය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ධර්‍මයෝ දෙදෙනෙක් වැඩිය යුත්තාහ.
කවර දෙදෙනෙක් යත්: සමථය හා විදර්‍ශනාව හා දෙදෙන ය. මහණෙනි රාගය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ. මහණෙනි රාගයාගේ පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... නිසර්‍ජනය පිණිස ... මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ.
11-70.
මහණෙනි, ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ ... ශඨභාවයාගේ ... ස්තම්භයාගේ සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ ... ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ... පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... නිසර්‍ජනය පිණිස ... මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ.
රාගපෙය්‍යාලය නිමි.
සතළොස්වන වර්‍ගය නිමි.
දුකනිපාතය සමාප්තයි.