2. 1. 4. 8.
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, යම් කලෙක්හි සොරු බලවත් වෙත් ද, රජවරු එසමයෙහි දුර්වල වෙත්. මහණෙනි, එසමයෙහි රජුට (ඇතුළුනුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළුනුවරින්) නික්මෙන්නට හෝ පසල්දනව්වෙයි (කටයුතු) සංවිධාන කරන්නට හෝ පහසු නො වෙයි. එසමයෙහි බමුණු ගැහැවියන් ට ද (ඇතුළුනුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළුනුවරින්) නික්මෙන්නට හෝ බැහැර කටයුතු සංවිධාන කරන්නට හෝ පහසු නො වේ. මහණෙනි, එසේ ම යම් සමයෙක්හි පවිටු භික්ෂූහු බලවත් වෙත් ද, එසමයෙහි පේශල භික්ෂූහු දුර්වල වෙත්. මහණෙනි, එසමයෙහි පේශල භික්ෂූහු පුන පුනා නිශ්ශබ්ද වූවාහු සඟ මැද කර බහා හිඳුනාහ. පසල් දනවු හෝ ඇසුරු කරන්නාහ. මහණෙනි, මේ කරුණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ත්ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ.
මහණෙනි, යම් කලෙක්හි රජවරු බලවත් වෙත් ද, එසමයෙහි සොරු දුර්වල වෙත්. මහණෙනි, එසමයෙහි රජුට (ඇතුළු නුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යන්නට හෝ පසල් දනවුවෙහි (කටයුතු) සංවිධාන කරන්නට හෝ පහසු වෙයි. එසමයෙහි බමුණු ගැහැවියනට ද (ඇතුළු නුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යන්නට හෝ බැහැර කටයුතු සංවිධාන කරන්නට හෝ පහසු වේ. මහණෙනි, එසේ ම යම් සමයෙක්හි පේශල භික්ෂූහු බලවත් වෙත් ද, එසමයෙහි පවිටු භික්ෂූහු දුර්වල වෙත්. මහණෙනි, එසමයෙහි පවිටු භික්ෂූහු පුන පුනා නිශ්ශබ්ද වූවාහු සඟ මැද කරබහා හිඳුනාහ. යම් මැ තැනෙක හෝ යෙත්. මහණෙනි, ඒ මේ කරුණ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිසුනට හිත පිණිස සුව පිණිස වේ.
2. 1. 4. 9.
40. මහණෙනි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ වරදවා පිළිපැදුම වර්ණනා නො කරමි. මහණෙනි, වරදවා පිළිපන් ගිහියා වේව යි පැවිද්දා වේව යි වරදවා පිළිපැදුම් හේතුයෙන් විදර්ශනා සහිත මාර්ගය පුරන්නට නො හැකි වෙයි.
මහණෙනි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ නිවැරදි පිළිපැදුම වර්ණනා කරමි. මහණෙනි, නිවැරදි ව පිළිපන් ගිහියා වේව යි පැවිද්දා වේව යි නිවැරදි පිළිපැදුම් හේතුයෙන් විදර්ශනා සහිත මාර්ගය පුරන්නට හැකි වෙයි.
2. 1. 4. 10.
41. මහණෙනි, යම් මහණ කෙනෙක් වරදවා ගන්නා ලද පදප්රතිරූපක වූ (ශබ්දචින්තායෙන් වරදවා ගන්නට නිසි) සූත්රාන්තයෙන් අටුවා ද පෙළ ද පිළිබහන්නාහු ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස ද බොහෝ දෙනාට නොසුව පිණිස ද බොහෝ දෙනාට අනර්ත්ථ පිණිස ද දෙවිමිනිසුනට අහිත පිණිස ද දුක් පිණිස ද පිළිපන්නාහු ය. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුසල් ද රැස් කෙරෙත්. ඔහු ම මේ සස්න ද අතුරුදන් කෙරෙත්.
මහණෙනි, යම් මහණ කෙනෙක් මැනැවින් ගන්නා ලද ව්යඤ්ජන ප්රතිරූපක නොවූ (අක්ෂරචින්තායෙන් වැරදි ලෙස අදහස ගන්නට නොනිසි) සූත්රාන්තයෙන් අර්ත්ථ ද ධර්මය ද අනුව පවත්නාහු ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිසුනට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු ය. මහණෙනි, ඒ මහණහු බොහෝ කුසල් ද රැස් කෙරෙත්. ඔහු ම මේ ශාසනය තබත් යී.
සිවුවැනි සමසිත්වගයි.
[5. පරිස වර්ගය]
2. 1. 5. 1.
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: නොගැඹුරු (ප්රකට) පිරිස හා ගැඹුරු (මුවහ) පිරිස හා යන දෙකය.
මහණෙනි, නොගැඹුරු පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු වික්ෂිප්ත සිත් ඇති වෙත් ද, උස් ව නැඟූනු මාන නළ ඇති වෙත් ද, චපල වෙත් ද, රළුවදන් ඇති වෙත් ද, පලප් ඇති වෙත් ද, මුෂිතස්මෘති වෙත් ද, සම්යක්ප්රඥා නැති වෙත් ද, සමාධිගත සිත් නැති වෙත් ද, එකඟ නො වූ සිත් ඇති වෙත් ද, භ්රාන්ත සිත් ඇති වෙත් ද, (සංවර නොකෙළෙන්) පියවි ඉඳුරන් ඇති වෙත් ද, මහණෙනි, මේ උත්තාන (නොමුවහ) පිරිස යි කියනු ලැබේ.
මහණෙනි, ගැඹුරු පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු වික්ෂිප්ත සිත් නැති වෙත් ද, උස් ව නැඟූනු මාන නළ නැති වෙත් ද, චපල නො වෙත් ද, රළුවදන් නැති වෙත් ද, අසංවෘත වචන නැති වෙත් ද, එළඹසිටි සිහි ඇති වෙත් ද, සම්යක් ප්රඥා ඇති වෙත් ද, සමාධිගත සිත් ඇති වෙත් ද, එකඟ වූ සිත් ඇති වෙත් ද, සංවර කළ ඉඳුරන් ඇති වෙත් ද, මහණෙනි, මේ ගම්භීර පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ දෙපිරිස් අතුරෙන් යම් ගැඹුරු පිරිසෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 1. 5. 2.
43. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: ව්යග්ර පිරිස හා සමග්ර පිරිස හා යන දෙකයි.
මහණෙනි, ව්යග්ර පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු හටගත් පූර්වභාග සටන් ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විරුද්ධවාදයට පැමිණියාහු, උනුන් මුවසැතින් විදුනාහු වෙසෙත් ද, මහණෙනි, මේ වර්ග පිරිසැ යි කියනු ලැබේ.
මහණෙනි, සමග්ර පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු සමග වූවාහු, සතුටුවන්නාහු විවාද නොකරන්නාහු, කිරි හා දිය මෙන් සැසැඳුනාහු, උනුන් පියනෙතින් බලන්නාහු වෙසෙත් ද, මහණෙනි, මේ සමග්ර පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි දෙපිරිස ය. මහණෙනි, මේ දෙපිරිස් අතුරෙන් යම් සමග්ර පිරිසක් වේ නම්, තෙල අග්ර වේ.