2. 1. 4. 4.
35. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, ලෝකයෙහි දක්ෂිණාර්හයෝ කෙතෙක් ද? කො තැන්හි දන් දිය යුතු ද?
ගෘහපතිය, ලෝකයෙහි දක්ෂිණාවට සුදුස්සො දෙදෙනෙක් වෙති. ශෛක්ෂ තෙමේ ය, අශෛක්ෂ තෙමේ ය යන දෙදෙනා යි. ගෘහපතිය, ලෝකයෙහි මේ දක්ෂිණාවට සුදුස්සෝ දෙදෙන වෙත්. මොවුන් කෙරෙහි දන් දිය යුතු වේ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා ඉක්බිති සුගත වූ ශාස්තෲන් වහන්සේ තෙල ගය ද වදාළසේක.
මේ ලෝකයෙහි ශෛක්ෂ තෙමේ ද අශෛක්ෂ තෙමේ ද යාග කරනුවනට ආහුනෙය්ය (ඇරැදෙන්නටඅර්හ) වෙති. ඔහු කයින් ද වචනයෙන් ද යලි සිතින් ද ඍජු වෙති. යාග කරන්නන්හට එය කෙත වෙයි මෙහි දෙන ලද්දේ මහත්ඵල වෙයි.
2. 1. 4. 5.
36. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි පූර්වාරාම නම් මුවරමාපායෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඇවැත් මහණෙනි යි භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු ඇවැත්නි, යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ තෙල සූත්රය දෙසූහ:
ඇවැත්නි, අධ්යාත්මසංයෝජන ඇති පුද්ගලයා හා බාහිර සංයෝජන ඇති පුද්ගලයා හා දෙසමි. එය අසව මොනොවට මෙනෙහි කරව. දෙසමි යී. ඇවැත්නි, එසේ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ:
ඇවැත්නි, අධ්යාත්මසංයෝජන ඇති පුද්ගල තෙමේ කවරේ ය? ඇවැත්නි, මේ ශාසනයෙන් මහණ තෙමේ සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂසංවරශීලයෙන් සමන්වාගතවූයේ ආචාරගෝචර සම්පන්න වූයේ වෙසෙයි. අල්පමාත්ර වූ ද වරදෙහි බිය දක්නා සුලු වූයේ ශික්ෂාපදයන් මොනොවට ගෙන හික්මෙයි. හෙ තෙමේ කාබුන් මරණින් මතු එක්තරා දේවනිකායකට එළඹෙයි හේ එයින් ච්යුතවූයේ ආගාමී වූයේ මේ මිනිස් බවට එන්නේ වෙයි. ඇවැත්නි, මෙ තෙමේ ආගාමී වූයේ මේ මිනිස් බවට එන අධ්යාත්මසංයෝජන ඇති පුද්ගලයා යි කියනු ලැබේ.
ඇවැත්නි, බාහිරසංයෝජන ඇති පුද්ගල තෙමේ කවරේ ය? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල්වත් වෙයි. ප්රාතිමෝක්ෂසංවරයෙන් සමන්වාගත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වෙසෙයි. අල්පමාත්ර වූ ද වරදෙහි බිය දක්නා සුලු වූයේ ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයි. හෙ තෙමේ එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයි. හෙ තෙමේ කාබුන් මරණින් මතු එක්තරා දේවනිකායකට එළඹෙයි. හේ එයින් ච්යුත වූයේ මේ මිනිසත් බවට නො එන්නේ අනාගාමී වෙයි. ඇවැත්නි, මේ තෙමේ මේ මිනිසත් බවට නො එන්නේ බාහිරසංයෝජන ඇති අනාගාමී පුද්ගලයා යි කියනු ලැබේ.
ඇවැත්නි, යලිදු අනෙකක් කියමි: මහණ තෙමේ සිල්වත් වෙයි ... ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයි හෙ තෙම කාමයන්ගේ ම නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. හෙ තෙමේ ත්රිවිධ භවයන්ගේ ම නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. හෙතෙම (පඤ්චකාමගුණික වූ) තෘෂ්ණාව ක්ෂය කිරීම පිණිස පිළිපන්නේ වෙයි. හෙ තෙමේ භවලෝභය ක්ෂය කිරීම පිණිස පිළිපන්නේ වෙයි. හෙ තෙමේ කාබුන් මරණින් මත්තෙහි එක්තරා දේවනිකායෙක උපදී. හේ එයින් ච්යුත වූයේ මේ මිනිසත් බවට නො එන්නේ අනාගාමී වෙයි. ඇවැත්නි, මේ මිනිසත්බවට නො පැමිණෙන, අනාගාමී වූ බාහිර සංයෝජන ඇති පුද්ගලයා යි කියනු ලැබේ.
ඉක්බිති, බොහෝ වූ සමසිත් ඇති දෙවිවරු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියාහු ය. එකත්පසෙක සිටි ඒ දෙවිවරු භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළාහු ය:
වහන්ස, මේ ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ පූර්වාරාම නම් වූ මුවරමාපහයෙහිදී භික්ෂූන්ට අධ්යාත්මසංයෝජන ඇති පුද්ගලයා ද බාහිර සංයෝජන ඇති පුද්ගලයා ද දේශනා කෙරෙති. වහන්ස, පිරිස සතුටු වූ ය. වහන්ස, භාග්යවතුන් වහන්සේ අනුකම්පා කොට ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹෙන සේක් නම් මැනැවි. භාග්යවතුන් වහන්සේතුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.
එකල්හි භාග්යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දික් නො කරණ තුරු දිගු කළ අතක් වක් නො කරන තුරු ජේතවනයෙහි අතුරු දහන් වූ සේක් පූර්වාරාම නම් මුවරමාපහයෙහි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේගේ පෙරට පැණී ගිය සේක. භාග්යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ ද භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක: