3. සාමඤ්ඤ වර්‍ගය
11. 3. 1-8.
අනිච්චානුපස්සනාදි සූත්‍රයෝ
මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගොපලු ගොමණ්ඩලය පරිහරණය කරන්නට හෝ වඩන්නට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්:

මහණෙනි, මෙලොව්හි ගොපලු තෙම රූපඥ නො වෙයි. ලක්‍ෂණ කුශල නො වේ, මක්‍ෂිකාණ්ඩ නො හරනේ වෙයි. ව්‍රණප්‍රතිච්ඡාදන නො කරන්නේ වෙයි. ධූම නො කරන්නේ වෙයි. තීර්‍ත්‍ථය නො දන්නේය. පීතය නො දන්නේ ය. වීථිය නො දන්නේ ය. ගෝචර කුශල නොවන්නේ ය. අනවශේෂද්‍රෝහී ද වෙයි. ගෝපිතෘ වූ ගෝපරිනායක වූ යම් ඒ වෘෂභයෝ වෙත් නම් උන් අතිරේක පූජායෙන් නො පුදනුයේ වෙයි. මහණෙනි, මෙ එකොළොස් කරුණින් සමන්‍වාගත ගෝපාල තෙම ගොමණ්ඩල පරිහරණයට හෝ වර්ධනයට අභව්‍ය වෙයි.
මහණෙනි, එපරිද්දෙන්ම එකොළොස් කරුණකින් සමන්‍වාගත මහණ චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි දුඃඛානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි අනාත්මානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි, -පෙ- චක්‍ෂුස්හි ක්‍ෂයානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි. .... චක්‍ෂුස්හි ව්‍යයානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි. .... චක්‍ෂුස්හි විරාගානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි නිරොධානු දර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි ප්‍රතිනිඃසර්‍ගානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ...
11. 3. 9-48.
ස්‍රෝතස්හි ... ඝ්‍රාණයෙහි ... ජිහ්වායෙහි ... කායයෙහි ... මනස්හි ...
11. 3. 49-96.
රූපයන්හි ... ශබ්දයන්හි ... ගන්‍ධයන්හි ... රසයන්හි ... ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... ධර්‍මයන්හි …
11. 3. 97-144.
චක්‍ෂුර්විඥානයෙහි ... ස්‍රොතවිඥානයෙහි ... ඝ්‍රාණවිඥානයෙහි ... ජිව්හාවිඥානයෙහි ... කායවිඥානයෙහි ... මනොවිඥානයෙහි ...
11. 3. 145-192.
චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි ... ශ්‍රෝතසංස්පර්‍ශයෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙහි ... ජිහ්වාසංස්පර්‍ශයෙහි ... කායසංස්පර්‍ශයෙහි ... මනස්සංස්පර්‍ශයෙහි ...
11. 3. 193-240.
චක්‍ෂුස් සංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... ශ්‍රොතසංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... ජිහ්වාසංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... කාය සංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි … මනස් සංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ...
11. 3. 241-288.
රූපසඥායෙහි ... ශබ්ද සඥායෙහි ... ගන්‍ධ සඥායෙහි ... රස සඥායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යසඥායෙහි ... ධර්‍මසඥායෙහි ...
11. 3. 289-336.
රූපසඤ්චේතනායෙහි ... ශබ්දසඤ්චේතනායෙහි ... ගන්‍ධසඤ්චෙතනායෙහි ... රසසඤ්චෙතනායෙහි ... ස්ප්‍රෂ්ටව්‍ය සඤ්චේතනායෙහි ... ධර්‍මසඤ්චේතනායෙහි ...
11. 3. 337-384.
රූපතෘෂ්ණායෙහි ... ශබ්දතෘෂ්ණායෙහි ... ගන්‍ධතෘෂ්ණායෙහි ... රසතෘෂ්ණායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙහි ... ධර්‍මතෘෂ්ණායෙහි ...
11. 3. 385-432.
රූපවිතර්‍කයෙහි ... ශබ්දවිතර්‍කයෙහි ... ගන්‍ධවිතර්‍කයෙහි ... රසවිතර්‍කයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කයෙහි ... ධර්‍මවිතර්‍කයෙහි ...