11. 3. 481-960.
මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගෝපාල තෙම ගොමණ්ඩල පරිහරණයට වර්ධනයට භව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි ගෝපාලක තෙම රූපඥ වෙයි ...
මහණෙනි, එපරිද්දෙන්ම එකොළොස් කරුණෙකින් සමන්‍වාගත මහණ චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශීව වාසය කරන්නට භව්‍ය වෙයි ... ප්‍රතිනිඃසර්‍ගානුදර්ශීව වාසය කරනට භව්‍ය වේයයි.
සාමඤ්ඤ වර්‍ගය තුන්වැනි යි.
4. රාගාදිපෙය්‍යාලය
11. 4. 1.
මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස එකොළොස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර එකොළොස්කෙනෙක යත්: ප්‍රථමධ්‍යානය, ද්වීතිය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්‍ත්‍ථ ධ්‍යානය, මෙත්තාචේතෝවිමුත්තිය, කරුණාචේතෝවිමුත්තිය, මුදිතාචෙතොවිමුත්තිය, උපෙක්ඛාචෙතොවිමුත්තිය, ආකාසානාඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය යි. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ එකොළොස් ධර්‍මයෝ වැඩිය යුත්තාහ යි.
11. 4. 2-10.
මහණෙනි, රාගයාගේ පරිඥානය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිඃසර්‍ගය පිණිස මේ එකොළොස් දහම්හු වැඩිය යුත්තාහ යි.
11. 4. 11-170.
ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යහුගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ ... ශාඨ්‍යයාගේ ... ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ අභිඥානය පිණිස ... පරිඥානය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස .. ව්‍යය පිණිස ... විරාගය පිණිස ... ත්‍යාග පිණිස ... ප්‍රතිනිඃසර්‍ගය පිණිස ... මේ එකොළොස් දහම්හු වැඩිය යුත්තාහ යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ යි.
රාගාදිපෙය්‍යාලය නිමි.
සූත්‍ර නවදහසක් ද නැවත පන්සියක් ද සත්පනස් සූත්‍ර කෙනෙක් ද අඞ්ගුත්තරාගමයෙහි සඞ්ගෘහීත යි.
එකාදසකනිපාතය නිමි.
අඞ්ගුත්තරනිකාය සමාප්ත යි.