11. 1. 8.
මනසිකාර සූත්‍රය
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ:
වහන්ස, යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රෝතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නොකෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රස මෙනෙහි නො කෙරේ නම්, කය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස් මෙනෙහි නො කෙරේ නම්, වායු මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලෝකය මෙනෙහි නො කෙරේ නම්, යම්බඳු වූ මේ ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ සිතින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයක් ඇත් නම්, එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනෙක් වේ නම් මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?
ආනන්‍දයෙනි, යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රෝතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වා මෙනෙහි නො කෙරේ නම්, රස මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථුවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහ ලෝකය මෙනෙහි නො කෙරේ නම්, පරලෝකය මෙනෙහි නො කෙරේ නම්, යම්බඳු ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ මනසින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙකුත් ඇත්නම් එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ යයි.
වහන්ස, යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, ... යම් බඳු ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම් එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනු යේත් වේ නම්, කෙසේ නම් මහණ හට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ දැයි?
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ මෙනෙහි කරන්නේ ය: “යම් බඳු මෙ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය” (කියා) යි. ආනන්‍දයෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රෝතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රසය මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලෝකය මෙනෙහි නො කෙරේ නම්, යම් බඳු ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත, මනසින් අනුවිචරිත වූ මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් ද වේ නම් එය ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, භික්‍ෂුහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ යයි,