11. 1. 7.
පඨම සඤ්ඤා සූත්රය
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, යම් පරිද්දෙකින් පෘථිවී (කෘත්ස්න) යෙහි පෘථිවීසංඥා ඇති නොවන්නේ නම්, ආපෝකසිණයෙහි අප්සංඥා ඇති නොවන්නේ නම් තේජස්හි තේජස්සංඥා ඇති නො වන්නේ නම්, වායුයෙහි වායු සංඥා ඇති නොවන්නේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම් විඤ්ඤාණාඤ්චායතනයෙහි විඤ්ඤාණාඤ්චායතනසංඥා ඇති නො වේ නම් ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නොවේ නම් ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් මේ ප්රාප්ත වූ පර්ය්යෙෂණ කළා වූ සිතින් අනුවිවරණය කරන ලද දිට්ඨ සඞ්ඛ්යාත රූපායතනයක් හෝ ශ්රැතසඞ්ඛ්යාත ශබ්දායතනයක් හෝ මුතසඞ්ඛ්යාත ගන්ධ රස ස්ප්රෂ්ටව්ය ආයතනයක් හෝ සුඛ-දුඃඛාදි ධර්මාරම්මණයෙක් හෝ වේ නම් එහිදු සංඥා ඇති නො වේ නම් සංඥා ඇතියේත් වේ නම් භික්ෂුහට එබඳු සංඥා ප්රතිලාභයෙක් වේ දැයි.
ආනන්දයෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇති නො වේ නම්, ආපයෙහි අප්සංඥා ඇති නො වේ නම්, තේජස්හි තේජස්සංඥා ඇති නො වේ නම්, වායුයෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණාඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් මේ සිතින් ප්රාප්ත වූ පර්ය්යෙෂිත වූ සිතින් අනුවිවරණය කරන ලද දිට්ඨසඞ්ඛ්යාත රූපායතනයක් හෝ ශ්රැතසඞ්ඛ්යාත ශබ්දායතනයක් හෝ මුතසඞ්ඛ්යාත ගන්ධ - රස - ස්ප්රෂ්ටව්යආයතනයක් හෝ සුඛ-දුඃඛාදි ධර්මායතනයක් හෝ වේ නම්, එහිදු සංඥා ඇති නො වේ ද, සංඥා ඇතියේත් වේ ද, එබඳු සමාධිප්රතිලාභයෙක් මහණහට වන්නේ ය.
වහන්ස, යම් පරිදි පෘථිවියෙහි පෘථිවීසංඥා නැති වේ නම්, අප්හි අප්සංඥා නැති වේ නම්, තේජස්හි තේජස්සංඥා නැති වේ නම් වායුයෙහි වායුසංඥා නැති වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතන සංඥා නැති වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැති වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැති වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නොමැති වේ නම් ඉධලෝකයෙහි ඉධලොකසංඥා නැති වේ නම්, පරලෝකයෙහි පරලෝක සංඥා නැති වේ නම්, යම්බඳු මේ සිතින් ප්රාප්ත පර්ය්යෙෂිත අනුවිචරිත, දිට්ඨ සුත මුත විඤ්ඤාතයකුත් වේ නම් එහිදු සංඥා ඇති නො වේ නම් සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්රතිලාභයෙක් කෙසේ වන්නේ දැයි.
ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ “යම්බඳු සර්වසංස්කාරසමථයෙක් සර්වොපධිප්රතිනිස්සර්ගයෙක් තෘෂ්ණාක්ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්රණීතය”යි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. ආනන්දයෙනි, මෙසේ යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් අප්හි අප්සංඥා නැති වේ නම් තේජස්හි තේජස්සංඥා නැති වේ නම් වායුවෙහි වායුසංඥා නැති වේ නම් ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැති වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැති වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැති වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැති වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නැති වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නැති වේ නම්, ප්රාප්ත වූ ද පර්ය්යෙෂිත වූ ද සිතින් අනුවිචරිත වූ ද යම් දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැත්තේ නම්, එහෙත් සංඥා ඇතියේත් වේ නම්, භික්ෂුහට එබඳු සමාධිප්රතිලාභයෙක් වෙයි.