11. 1. 6.
ව්යසන සූත්රය
මහණෙනි, යම් මහණෙක් සබ්රම්සරුනට ආක්රෝශ පරිභව කරනුයේ ආර්ය්යයනට උපවාද බණනසුලු වේද, හේ යම් හෙයෙකින් එකොළොස් ව්යසනයන්ගෙන් එක්තරා ව්යසනයකට නො යන්නේ ය යන යමෙක් වේ නම් තෙල කරුණ අස්ථාන වෙයි. අනවකාශ වෙයි. කවර එකොළොස් කරුණින යත්:
අනධිගත අධිගතයෙන් නො ලබන්නේ ය. විශේෂය පිරිහෙන්නේ ය. ඔහුගේ ශික්ෂාත්රය සඞ්ඛ්යාත ශාසනධර්මය ව්යවදානයට නො යෙයි. සද්ධර්මයෙහි හෝ අධිමාන ඇතියේ වෙයි. නො ඇලුනේ හෝ බඹසර හැසිරෙයි. එක්තරා සකිලිටි ඇවැතකට හෝ අවදනේ ය. ශික්ෂා හෝ ප්රත්යාඛ්යානය කොට හීනභාවයට වැටෙයි. දැඩි රෝගාබාධයක් හෝ පහස්නේ ය. චිත්තක්ෂේප සඞ්ඛ්යාත උන්මාදයට හෝ පැමිණෙයි නට සිහි ඇතියේ කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත සඞ්ඛ්යාත නිරයට පැමිණෙයි.
මහණෙනි, යම් මහණෙක් සබ්රම්සරුනට ආක්රෝශ පරිභව කරනුයේ ආර්ය්යෝපවාද බණනසුලු වේ නම් හේ මේ එකොළොස් ව්යසනයන්ගෙන් එක්තරා ව්යසනයකට නො පැමිණෙන්නේ ය යන තෙල කරුණ අස්ථාන වෙයි. අනවකාශ වේ.
11. 1. 7.
පඨම සඤ්ඤා සූත්රය
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, යම් පරිද්දෙකින් පෘථිවී (කෘත්ස්න) යෙහි පෘථිවීසංඥා ඇති නොවන්නේ නම්, ආපෝකසිණයෙහි අප්සංඥා ඇති නොවන්නේ නම් තේජස්හි තේජස්සංඥා ඇති නො වන්නේ නම්, වායුයෙහි වායු සංඥා ඇති නොවන්නේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම් විඤ්ඤාණාඤ්චායතනයෙහි විඤ්ඤාණාඤ්චායතනසංඥා ඇති නො වේ නම් ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නොවේ නම් ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් මේ ප්රාප්ත වූ පර්ය්යෙෂණ කළා වූ සිතින් අනුවිවරණය කරන ලද දිට්ඨ සඞ්ඛ්යාත රූපායතනයක් හෝ ශ්රැතසඞ්ඛ්යාත ශබ්දායතනයක් හෝ මුතසඞ්ඛ්යාත ගන්ධ රස ස්ප්රෂ්ටව්ය ආයතනයක් හෝ සුඛ-දුඃඛාදි ධර්මාරම්මණයෙක් හෝ වේ නම් එහිදු සංඥා ඇති නො වේ නම් සංඥා ඇතියේත් වේ නම් භික්ෂුහට එබඳු සංඥා ප්රතිලාභයෙක් වේ දැයි.