11. 1. 5.
තතිය උපනිස සූත්රය
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භික්ෂූන් ඇමතූහ ... ඇවැත්නි, සිල්විපන් දුසිල්හුගේ අවිප්රතිසාරය නට උපනිඃශ්රය ඇති වෙයි. අවිප්රතිසාරය නැතිවත් ම අවිප්රතිසාරවිපන්නයාගේ ප්රමෝදය නට උපනිඃශ්රය ඇති වෙයි. ප්රමෝදය නැතිවත් ම ප්රමොදවිපන්නයාගේ ප්රීතිය නට උපනිඃශ්රය ඇති වෙයි. ප්රීතිය නැතිවත් ම ප්රීතිවිපන්නයාගේ ප්රශ්රබ්ධිය නට උපනිඃශ්රය ඇති වෙයි. ප්රශ්රබ්ධිය නැතිවත් ම ප්රශ්රබ්ධිවිපන්නයාගේ සුඛය නට උපනිඃශ්රය ඇති වෙයි. සුඛය නැතිවත් ම සුඛවිපන්නයාගේ සම්යක්සමාධිය නට උපනිඃශ්රය ඇති වෙයි. සම්යක්සමාධිය නැතිවත් ම සම්යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්ශනය නට උපනිඃශ්රය ඇති වෙයි. යථාභූතඥානදර්ශනය නැතිවත් ම යථාභූතඥානදර්ශනවිපන්නයාගේ නිර්වේදය නට උපනිඃශ්රය ඇති වෙයි. නිර්වේදය නැතිවත් ම නිර්වේදවිපන්නයාගේ විරාගය නට උපනිඃශ්රය ඇතියේ වෙයි. විරාගය නැතිවත් ම විරාගවිපන්නයාගේ විමුක්තිඥානදර්ශනය නට උපනිඃශ්රය ඇතියේ වෙයි.
ඇවැත්නි, යම්පරිදි අතුපත් විපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන් බවට නො යෙයි. සිවිදු ... බොරුදු ... හරදු පිරිපුන් බවට නො යෙයි. ඇවැත්නි, එ පරිදි ම සිල්විපන් දුසිල්හුගේ අවිප්රතිසාරය නට උපනිඃශ්රය ඇති වෙයි. අවිප්රතිසාරය නැතිවත් ම අවිප්රතිසාරවිපන්නයාගේ ප්රමෝදය නට උපනිඃශ්රය ඇති වෙයි ... විමුක්තිඥානදර්ශනය නට උපනිඃශ්රය ඇති වෙයි.
ඇවැත්නි, සිල්සපන් සිල්වත්හුගේ අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත් ම අවිප්රතිසාරසම්පන්නයාගේ ප්රමෝදය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රමෝදය ඇතිවත් ම ප්රමෝදසම්පන්නයාගේ ප්රීතිය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රීතිය ඇතිවත් ම ප්රීතිසම්පන්නයාගේ ප්රශ්රබ්ධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රශ්රබ්ධිය ඇතිවත් ම ප්රශ්රබ්ධිසම්පන්නයාගේ සුඛය උපනිඃශ්රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නයාගේ සම්යක්සමාධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. සම්යක්සමාධිය ඇතිවත් ම සම්යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්ශනය ඇතිවත් ම යථාභූතඥානදර්ශනසම්පන්නයාගේ නිර්වේදය උපනිඃශ්රයසම්පන්න වෙයි. නිර්වේදය ඇතිවත් ම නිර්වේද සම්පන්නයාගේ විරාගය උපනිඃශ්රයසම්පන්න වෙයි. විරාගය ඇතිවත් ම විරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි.
ඇවැත්නි, යම්සේ අතුපත් සපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන් බවට යෙයි. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත් ම අවිප්රතිසාරයසම්පන්නයාගේ ප්රමෝදය උපනිඃශ්රයසම්පන්න වෙයි ... විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි.
11. 1. 6.
ව්යසන සූත්රය
මහණෙනි, යම් මහණෙක් සබ්රම්සරුනට ආක්රෝශ පරිභව කරනුයේ ආර්ය්යයනට උපවාද බණනසුලු වේද, හේ යම් හෙයෙකින් එකොළොස් ව්යසනයන්ගෙන් එක්තරා ව්යසනයකට නො යන්නේ ය යන යමෙක් වේ නම් තෙල කරුණ අස්ථාන වෙයි. අනවකාශ වෙයි. කවර එකොළොස් කරුණින යත්: