11. 1. 4.
දුතිය උපනිස සූත්‍රය
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි,”යි භික්‍ෂූන් ඇමතූහ. “ඇවැත්නි”යි එ මහණහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ.
ඇවැත්නි, සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම නට අවිප්‍රතිසාරය ඇතියහුගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. ප්‍රමෝදය නැතිවත් ම ප්‍රමොදවිපන්නයාගේ ප්‍රීතිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රීතිය නැතිවත් ම ප්‍රීතිවිපන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. ප්‍රශ්‍රබ්ධිය නැතිවත් ම ප්‍රශ්‍රබ්ධිවිපන්නයාගේ සුඛය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සුඛ නැතිවත් ම සුඛවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිර්වේදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිර්වේදය නැතිවත් ම නිර්වේදවිපන්නයාගේ විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. විරාගය නැතිවත් ම විරාගවීපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
ඇවැත්නි, යම් පරිද්දෙකින් අතු-පත් විපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන්බවට නො යෙයි. සිවිදු … බොරුදු … හරදු පිරිපුන්බවට නො යෙයි. ඇවැත්නි, ඒ පරිදි ම සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතිවෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරවිපන්නයාගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇති වෙයි -පෙ- විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
ඇවැත්නි, සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රමෝදය ඇතිවත් ම ප්‍රමෝදසම්පන්නයාගේ ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම ප්‍රශ්‍රබ්ධිසම්පන්නයාගේ සුඛය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සුඛ ඇතිවත් ම සුඛසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිවත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදය ඇතිවත් ම නිර්වේදසම්පන්නයාගේ විරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. විරාගයඇතිවත් ම විරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
ඇවැත්නි, යම්සේ අතු - පත් සපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන්බවට යෙයි. සිවිදු ... බොරුදු ... හරදු පිරිපුන් බවට යෙයි. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රසම්පන්න වෙයි … විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
11. 1. 5.
තතිය උපනිස සූත්‍රය
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ ... ඇවැත්නි, සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇති වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරවිපන්නයාගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රමෝදය නැතිවත් ම ප්‍රමොදවිපන්නයාගේ ප්‍රීතිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රීතිය නැතිවත් ම ප්‍රීතිවිපන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රශ්‍රබ්ධිය නැතිවත් ම ප්‍රශ්‍රබ්ධිවිපන්නයාගේ සුඛය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සුඛය නැතිවත් ම සුඛවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිර්වේදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිර්වේදය නැතිවත් ම නිර්වේදවිපන්නයාගේ විරාගය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. විරාගය නැතිවත් ම විරාගවිපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.