10. 5. 2. 9.
මහණෙනි, මෙලොව්හි දස කරුණෙකින් සමන්වාගත වූ ඇතැමෙක් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණේ. ... මෙලොව්හි ඇතැමෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයට එළඹෙයි.
10. 5. 2. 10.
මහණෙනි, විසි කරුණෙකින් ...
10. 5. 2. 11.
මහණෙනි, තිස් කරුණෙකින් ...
10. 5. 2. 12.
මහණෙනි, මෙලොව්හි සතළිස් කරුණෙකින් සමන්වාගත වූ ඇතැමෙක් කාබුන් මරණින් මතු අපාය සඞ්ඛ්යාත, දුර්ගති සඞ්ඛ්යාත, විනිපාත සංඞ්ඛ්යාත නිරයට පැමිණේ. ... මෙලොව්හි ඇතැමෙක් කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයට පැමිණේ.
10. 5. 2. 13.
මහණෙනි, දස කරුණෙකින් සමන්වාගත බාල තෙමේ දත යුත්තේය: ... පණ්ඩිත තෙම දතයුත්තේ ...
10. 5. 2. 14.
මහණෙනි, විසි කරුණෙකින් ...
10. 5. 2. 15.
මහණෙනි, තිස් කරුණෙකින් …
10. 5. 2. 16.
මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්වාගත වූ බාලතෙම දත යුත්තේය -පෙ- පණ්ඩිත තෙම දත යුත්තේය. මහණෙනි, මෙ සතළිස් කරුණෙන් සමන්වාගත වූ පණ්ඩිත දතයුත්තේ ය යි.
දෙවැනි සාමඤ්ඤ වර්ග යි.
3. රාගාදිපෙය්යාලය
10. 5. 3. 1.
මහණෙනි, රාගයාගේ අභිඥාව පිණිස දසදහම් කෙනෙක් වැඩිය යුතුවහ. කවර දස දෙනෙක යත්: අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කුලසඤ්ඤා ය, සර්වලෝකයෙහි අනභිරත සඤ්ඤා ය, අනිච්ච සඤ්ඤා ය, අනිච්චේ දුක්ඛ සඤ්ඤා ය, දුක්ඛෙඅනත්තසඤ්ඤා ය, පහානසඤ්ඤා ය, විරාගසඤ්ඤා ය, නිරෝධසඤ්ඤා යි. මහණෙනි, රාගයාගේ අභිඥාව පිණිස මෙ දස දහම්හු වැඩිය යුතුවහ.
10. 5. 3. 2.
මහණෙනි, රාගයාගේ අභිඥාව පිණිස, දශධර්ම කෙනෙක් වැඩිය යුතුවහ, කවර දශ කෙනෙක යත්: අනිච්චසඤ්ඤා ය, අනත්තසඤ්ඤා ය, ආහාරේ පටික්කුලසඤ්ඤා ය, සබ්බලොකෙ අනභිරත සංඤ්ඤා ය, අට්ඨික සඤ්ඤා ය, පුලවක සඤ්ඤා ය, විනීලකසඤ්ඤා ය, විපුබ්බකසඤ්ඤාය, විච්ඡිද්දකසඤ්ඤා ය, උද්ධුමාතකසඤ්ඤා යි, මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මෙ දස දහම්හු වැඩිය යුතුවහ යි.
10. 5. 3. 3.
මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා දශධර්ම කෙනෙක් වැඩිය යුතුවහ, කවර දශ කෙනෙක යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසතිය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි, මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මෙ දස දහම්හු වැඩිය යුතුවහයි.
10. 5. 3. 4-6.
මහණෙනි, රාගයාගේ පරිඥාව පිණිස, ...
10. 5. 3. 7-9.
මහණෙනි, රාගයාගේ පරික්ෂය ය පිණිස ...
10. 5. 3. 10-12.
මහණෙනි, රාගයාගේ ප්රහාණය පිණිස ...