10. 5. 2. 4.
සතරවැනි සූත්‍රය
මහණෙනි, ධර්‍ම සතළිසෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබූයේ යම් සේ නම් එසේ නිරයෙහි වෙයි: කවර සතළිසෙකින යත්:
තෙමේ ද ප්‍රාණඝාතී වෙයි. මෙරමා ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙහි සමනුඥ ද වෙයි. ප්‍රාණඝාතයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අයිනාදන් ගන්නාසුලු වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. අයිනාදන්හි සමනුඥ ද වෙයි. අයිනාදන්හි ගුණ ද බෙණෙයි. තෙමේ ද කාමමිථ්‍යාචාරී වෙයි. මෙරමා ද කාමමිථ්‍යාචාරයෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යාචාරයෙහි සමනුඥ ද වෙයි. කාමමිථ්‍යාචාරයාගේ ගුණ ද බෙණෙයි.
තෙමේ ද මුසවා කියනසුලු වෙයි. මෙරමා ද මුසවායෙහි සමාදන් කරවයි. මුසවායෙහි සමනුඥ ද වෙයි. මුසවාහි ගුණ ද බෙණෙයි. තෙමේ ද පිසුනුබසැතියේ වෙයි. මෙරමා ද පිසුනුබස්හි සමාදන් කරවයි. පිසුන්බස්හි සමනුඥ ද වෙයි. පිසුනුබස්හුගේ ගුණ ද බෙණෙයි.
තෙමේ ද පරොස් බස් ඇතියේ වෙයි. මෙරමා ද පරොස්බස්හි සමාදන් කරවයි, පරොස්බස්හි සමනුඥ ද වෙයි. පරොස්බස්හුගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද සම්ඵප්‍රලාප ඇතියේ වෙයි, මෙරමා ද සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි, සම්ඵප්‍රලාපයෙහි සමනුඥ ද වෙයි. සම්ඵප්‍රලාපයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අභිධ්‍යාලූ වෙයි, මෙරමා ද අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි සමනුඥ ද වෙයි. අභිධ්‍යාව ගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද ව්‍යාපන්නචිත්ත වෙයි. මෙරමා ද ව්‍යාපාදයෙහි සමාදන් කරවයි, ව්‍යාපාදයෙහි සමනුඥ ද වෙයි. ව්‍යාපාදයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමා ද මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි සමනුඥ ද වෙයි, මිථ්‍යාදෘෂ්ටිහුගේ ගුණ ද බෙණෙයි. මහණෙනි, මෙ සතළිස් කරුණින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබූයේ යම් සේ නම්, එසේ නිරයෙහි වෙයි.
මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙනෙන ලද්දක් බහා තැබුයේ යම් සේ නම් එසේ ස්වර්‍ගයෙහි වෙයි. කවර සතළිසෙකින යත්;
තෙමේ ද ප්‍රාණඝාතයෙන් වැළකියේ වෙයි. මෙරමා ද ප්‍රාණඝාතවීරමණයෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතවිරමණයෙහි සමනුඥ ද වෙයි. ප්‍රාණඝාතවිරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද අයිනාදනින් වැළකියේ වෙයි. මෙරමා ද අයිනාදනින් විරමණයෙහි සමාදන් කරවයි, අදින්නාදාන විරමණයෙහි සමනුඥ ද වෙයි. තෙමේ ද කාමමිථ්‍යාචාරයෙන් වැළකියේ වෙයි. මෙරමා ද කාමමිථ්‍යාචාර විරමණයෙහි සමාදන් කරවයි. කාමමිථ්‍යචාරවීරමණයෙහි සමනුඥ ද වෙයි. කාමමිථ්‍යචාරවිරමණයාගේ ගුණ ද බෙණෙයි.
තෙමේ ද මුසවායෙන් වැළැකියේ වෙයි. මෙරමා ද මුසවායෙන් විරමණයෙහි සමාදන් කරවයි, මුසාවාදවිරමණයෙහි සමනුඥ ද වෙයි. මෘෂවාදවිරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද පිසුනු බසින් වැළැකියේ වෙයි, මෙරමා ද පිසුනු බසින් වැළකී මෙහි සමාදන් කරවයි. පිසුනු බසින් විරමණයෙහි සමනුඥ ද වෙයි. පිසුනු බසින් විරමණයාගේ ගුණ ද බෙණෙයි. තෙමේ ද පරුෂවචනයෙන් වැළැකියේ වෙයි, මෙරමා ද පරොස්බසින් වැළැකීමෙහි සමාදන් කරවයි. පරුෂවචනවිරමණයෙහි සමනුඥ ද වෙයි. පරුෂවචනවිරතිහුගේ ගුණ ද බෙණෙයි