10. 5. 1. 10.
අධම්මචරියා සූත්රය
එ සඳ එක්තරා බ්රාහ්මණයෙක් භාග්යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හින. එකත් පසෙක හුන් එ බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු අපාය සඞ්ඛ්යාත දුර්ගති සඞ්ඛ්යාත විනිපාත නම් වූ නිරයෙහි උපදනාහු නම් එ හේතු කවර? එ ප්රත්යය කවර? යි.
බ්රාහ්මණය, අධර්මචර්ය්යයා සංඛ්යාත විෂමචර්ය්යාව හේතු කොට ගෙන මෙසේ මෙලොව් හි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු අපාය සංඛ්යාත, දුර්ගති සංඛ්යාත, විපාත නම් වූ නිරයෙහි උපදනා හු ය යි.
භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මෙ ලොව්හි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදනාහු නම්, ඒ හේතු කවර? එ ප්රත්යය කවර? යි.
බ්රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් සත්ත්ව කෙනෙක් මෙසේ ධර්මචර්ය්යා සංඛ්යාත සමචර්ය්යාව හේතු කොට ගෙන කාබුන් මරණින් පසු සුගති නම් ස්වර්ග ලෝකයෙහි උපදනාහයි.
භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් දෙසූ මේ භාෂිතයාගේ අර්ත්ථය මම විස්තර විසින් නො දනිම් මැයි. භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද මේ භාෂිතයාගේ අර්ත්ථය යම් පරිද්දෙකින් මම විස්තර විසින් දැන ගනිම් නම්, භවත් ගෞතමයන් වහන්සේ මට එපරිද්දෙන් ධර්මය දෙසන සේක් නම් මැනැවි.
බ්රාහ්මණය, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි යි.
පින්වතුන් වහන්ස, එසේ ය යි බ්රාහ්මණ භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
බ්රාහ්මණය, කායද්වාරයෙන් ත්රිවිධ අධර්මචර්ය්යා සංඛ්යාත විෂමචර්ය්යායෙක් වෙයි. වාග්ද්වාරයෙන් චතුර්විධ අධර්මචර්ය්යා සංඛ්යාත විෂමචර්ය්යායෙක් වෙයි. මනෝද්වාරයෙන් ත්රිවිධ අධර්මචර්ය්යා සංඛ්යාත විෂමචර්ය්යායෙක් වෙයි.
බ්රාහ්මණය, කායද්වාරයෙන් ත්රිවිධ අධර්මචර්ය්යා සංඛ්යාත විෂමචර්ය්යාව කෙසේ වේය යත්: -පෙ- බ්රාහ්මණය, මෙසේ කායද්වාරයෙන් ත්රිවිධ අධර්මචර්ය්යා සංඛ්යාත විෂමචර්ය්යාව වෙයි.
බ්රාහ්මණය, වාග්ද්වාරයෙන් චතුර්විධ අධර්මචර්ය්යා සංඛ්යාත විෂමචර්ය්යාව කෙසේ වේය යත්: -පෙ- බ්රාහ්මණය, මෙසේ වනාහි වාග්ද්වාරයෙන් චතුර්විධ අධර්මචර්ය්යා සංඛ්යාත විෂමචර්ය්යාව වෙයි.
බ්රාහ්මණය, මනෝද්වාරයෙන් ත්රිවිධ අධර්මචර්ය්යා සංඛ්යාත විෂමචර්ය්යාව කෙසේ වේය යත්: -පෙ- බ්රාහ්මණය, මෙසේ මනෝද්වාරයෙන් ත්රිවිධ අධර්මචර්ය්යා සංඛ්යාත විෂමචර්ය්යාව වෙයි.
බ්රාහ්මණය, මෙසේ අධර්මචර්ය්යා සංඛ්යාත විෂමචර්ය්යාව හේතු කොට මෙලොව්හි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදනා හ.
බ්රාහ්මණය, කායද්වාරයෙන් ත්රිවිධ ධර්මචර්ය්යා සංඛ්යාත සමචර්ය්යායෙක් වෙයි. වාග්ද්වාරයෙන් චතුර්විධ ධර්මචර්ය්යා සංඛ්යාත සමචර්ය්යායෙක් වෙයි. මනෝද්වාරයෙන් ත්රිවිධ ධර්මචර්ය්යා සංඛ්යාත සමචර්ය්යායෙක් වෙයි.