10. 4. 4. 8.
බහුලීකාතබ්බධම්ම සූත්රය
මහණෙනි, තොපට බහුලී කර්තව්ය ධර්ම හා නබහුලීකර්තව්ය ධර්ම හා දෙසමි. ඒ අසවු …
මහණෙනි, න බහුලීකර්තව්ය ධර්ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්යාදෘෂ්ටියි. මහණෙනි, මේ න බහුලීකර්තව්ය ධර්මයි කියනු ලැබේ.
මහණෙනි, බහුලීකර්තව්ය ධර්ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ බහුලීකර්තව්ය ධර්මයයි කියනු ලැබේ.
10. 4. 4. 9.
අනුස්සරිතබ්බධම්ම සූත්රය
මහණෙනි, තොපට අනුස්මර්තව්ය ධර්ම හා නානුස්මර්තව්ය ධර්ම හා දෙසමි. ඒ අසවු …
මහණෙනි, නානුස්මර්තව්ය ධර්ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්යාදෘෂ්ටියි. මහණෙනි, මේ නානුස්මර්තව්ය ධර්මයි කියනු ලැබේ.
මහණෙනි, අනුස්මර්තව්ය ධර්ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්යක්දෘෂ්ටියි.
මහණෙනි, මේ අනුස්මර්තව්ය ධර්මයයි කියනු ලැබේ.
10. 4. 4. 10.
සච්ඡිකාතබ්බධම්ම සූත්රය
මහණෙනි, තොපට සාක්ෂාත්කර්ව්ය ධර්ම හා න සාක්ෂාත්කර්තව්ය ධර්මය හා දෙසමි. ඒ අසවු ...
මහණෙනි, නා සාක්ෂාත්කර්තව්ය ධර්ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්යාදෘෂ්ටියි. මහණෙනි, මේ න සාක්ෂාත්කර්තව්ය ධර්ම යි කියනු ලැබේ.
මහණෙනි, සාක්ෂාත්කර්තව්ය ධර්ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ සාක්ෂාත්කර්තව්ය ධර්ම යි කියනු ලැබේ.
සිවුවැනි අරියමග්ගවර්ග යි.