10. 4. 4. 3.
සද්ධම්ම සූත්රය
මහණෙනි, තොපට සද්ධර්මය හා අසද්ධර්මය හා දෙසමි. ඒ අසවු ....
මහණෙනි, අසද්ධර්මය කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්යාදෘෂ්ටියි. මහණෙනි, මේ අසද්ධර්මයයි කියනු ලැබේ.
මහණෙනි, සද්ධර්මය කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ සද්ධර්මයයි කියනු ලැබේ.
10. 4. 4. 4.
සප්පුරිසධම්ම සූත්රය
මහණෙනි, තොපට සත්පුරුෂධර්ම හා අසත්පුරුෂධර්ම හා දෙසමි, ඒ අසවු …
මහණෙනි, අසත්පුරුෂධර්ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්යාදෘෂ්ටියි. මහණෙනි, මේ අසත්පුරුෂ ධර්මයි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂධර්ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ සත්පුරුෂ ධර්මයයි කියනු ලැබේ.
10. 4. 4. 5.
උප්පාදෙතබ්බධම්ම සූත්රය
මහණෙනි, තොපට උත්පාදයිතව්යධර්ම හා අනුත්පාදයිතව්යධර්ම හා දෙසමි. ඒ අසවු …
මහණෙනි, අනුත්පාදයිතව්ය ධර්ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්යාදෘෂ්ටියි, මහණෙනි, මේ අනුත්පාදයිතව්ය ධර්මයි කියනු ලැබේ.
මහණෙනි, උත්පාදයිතව්ය ධර්ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ උත්පාදයිතව්ය ධර්ම යි කියනු ලැබේ.
10. 4. 4. 6.
ආසේවිතබ්බධම්ම සූත්රය
මහණෙනි, තොපට ආසේවිතව්ය ධර්ම හා අනාසේවිතව්ය ධර්ම හා දෙසමි. ඒ අසවු ...
මහණෙනි, ආනාසෙවිතව්ය ධර්ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනාසේවිතව්ය ධර්මය යි කියනු ලැබේ.
මහණෙනි, ආසේවිතව්ය ධර්ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ ආසේවිතව්ය ධර්මය යි කියනු ලැබේ.