10. 4. 4. 10.
සච්ඡිකාතබ්බධම්ම සූත්‍රය
මහණෙනි, තොපට සාක්‍ෂාත්කර්‍ව්‍ය ධර්‍ම හා න සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍මය හා දෙසමි. ඒ අසවු ...
මහණෙනි, නා සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
ප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ න සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම යි කියනු ලැබේ.
මහණෙනි, සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම යි කියනු ලැබේ.
සිවුවැනි අරියමග්ගවර්‍ග යි.
5. අපරපුග්ගල වර්‍ගය
10. 4. 5. 1-12.
සේවිතබ්බාදි ද්වාදශ සූත්‍රයෝ
1. මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගලයා නො සෙවිය යුත්තේ ය. කවර දසයෙකින යත්:
පණිවා කරණුයේ වෙයි, නුදුන් දෑ ගන්නා සුලුයේ වෙයි, කාමයන්හි මිස හසර ඇතියේ වෙයි. මුසවා කියන සුලුයේ වෙයි. පිසුනු බස් ඇතියේ වෙයි. පරොස් බස් ඇතියේ වෙයි. සම්ඵප්‍රලාප ඇතියේ වෙයි, අභිධ්‍යාලූ වෙයි, ව්‍යාපාදයට වන් සිතැතියේ වෙයි. මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල නො සෙවිය යුත්තේය.
මහණෙනි, දස කරුණකින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුත්තේ ය, කවර දසයෙකින යත්:
පණිවායෙන් වැළැකියේ වෙයි, අයිනාදනින් වැළැකියේ වෙයි. කාමයන්හි මිසහසරින් වැළැකියේ වෙයි. මුසවායෙන් වැළැකියේ වෙයි. පිසුනුබසින් වැළැකියේ වෙයි. පරොස් බසින් වැළැකියේ වෙයි. සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි. අනභිධ්‍යාලූ වෙයි, ව්‍යාපාදයට නො වන් සිතැත්තේ වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුත්තේය යි.
2. මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගල නො බිජිය යුත්තේ ය ... බිජිය යුත්තේ ය යි.
3. පර්‍ය්‍යුපාසනා නො කොට යුත්තේ ය. -පෙ- පර්‍ය්‍යුපාසනා කොට කටයුත්තේය යි.
4. පූජ්‍ය නො වේ -පෙ- පූජ්‍ය වේ යයි.
5. ප්‍රශංසාර්‍හ නො වේ -පෙ- ප්‍රශංසාහ වේ යයි.
6. ගෞරව නැතියේ වෙයි -පෙ- ගෞරව සහිත වේ යයි.
7. ප්‍රතිශ්‍රය නැතියේ වෙයි -පෙ- ප්‍රතිශ්‍රය සහිත වේ යයි.
8. ආරාධක නො වේ -පෙ- ආරාධක වේ යයි.
9. විශුද්ධ නො වේ -පෙ- විශුද්ධ වේ යයි.
10. මානය නො මඩනේ ය -පෙ- මානය මඩනේ සයි.
11. ප්‍රඥායෙන් නො වඩනේ ය. -පෙ- ප්‍රඥායෙන් වැඩෙන්නේ ය.