10. 4. 3. 7.
සාවද්‍ය සූත්‍රය
මහණෙනි, තොපට සාවද්‍යධර්‍ම හා අනවද්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, සාවද්‍යධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ සාවද්‍යධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, අනවද්‍යධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම .. සම්‍යක් දෘෂ්ටියයි.
මහණෙනි, මේ අනවද්‍යධර්‍මයි කියනු ලැබේ.
10. 4. 3. 8.
තපනීය සූත්‍රය
මහණෙනි, තොපට තපනීය ධර්‍ම හා අතපනීයධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, තපනීයධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි.
මහණෙනි, අතපනීයධර්‍ම කවරේය යත්:
පණිවායෙන් වෙන්වීම ... සම්‍යක්දෘෂ්ටියි.
මහණෙනි, මේ අතපනීයධර්‍මයි කියනු ලැබේ.
10. 4. 3. 9.
ආචයගාමී සූත්‍රය
මහණෙනි, තොපට ආචයගාමීධර්‍ම හා අපචයගාමීධර්‍ම හා දෙසමි. එ අසවු:
මහණෙනි, ආචයගාමීධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටි යි. මහණෙනි, මේ ආචයගාමීධර්‍ම යි කියනු ලැබේ.
මහණෙනි, අපචයගාමී ධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ අපචයගාමීධර්‍ම යි කියනු ලැබේ.
10. 4. 3. 10.
දුක්ඛුද්‍රය සූත්‍රය
මහණෙනි, තොපට දුක්ඛුද්‍රයධර්‍ම හා සුඛුද්‍රයධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, දුක්ඛුද්‍රයධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ දුක්ඛුද්‍රයධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, සුඛුද්‍රයධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ සුඛුද්‍රයධර්‍ම යි කියනු ලැබේ.
10. 4. 3. 11.
දුක්ඛවිපාක සූත්‍රය
මහණෙනි, තොපට දුක්ඛවිපාකධර්‍ම හා සුඛවිපාකධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, දුක්ඛවිපාකධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ දුක්ඛවිපාකධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, සුඛවිපාකධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක්දෘෂ්ටියි.
මහණෙනි, මේ සුඛවිපාකධර්‍මයි කියනු ලැබේ.
තුන්වැනි සාධූවර්‍ග යි.