10. 4. 3. 4.
අර්‍ත්‍ථ සූත්‍රය
මහණෙනි, තොපට අර්‍ත්‍ථ හා අනර්‍ත්‍ථ හා දෙසමි. එ අසවු ...
මහණෙනි, අනර්‍ත්‍ථ කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනර්‍ත්‍ථයි කියනු ලැබේ.
මහණෙනි, අර්‍ත්‍ථය කවරේය යත්:
පණිවායෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ අර්‍ත්‍ථයි කියනු ලැබේ.
10. 4. 3. 5.
ධර්‍ම සූත්‍රය
මහණෙනි, තොපට ධර්‍ම හා අධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, අධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, ධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියයි.
මහණෙනි, මේ ධර්‍මයි කියනු ලැබේ.
10. 4. 3. 6.
සාසවධම්ම සූත්‍රය
මහණෙනි, සාස්‍රවධර්‍ම හා අනාස්‍රවධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, සාස්‍රවධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ සාස්‍රවධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, අනාස්‍රවධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියයි.
මහණෙනි, මේ අනාස්‍රව ධර්‍ම යි කියනු ලැබේ.
10. 4. 3. 7.
සාවද්‍ය සූත්‍රය
මහණෙනි, තොපට සාවද්‍යධර්‍ම හා අනවද්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, සාවද්‍යධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ සාවද්‍යධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, අනවද්‍යධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම .. සම්‍යක් දෘෂ්ටියයි.
මහණෙනි, මේ අනවද්‍යධර්‍මයි කියනු ලැබේ.
10. 4. 3. 8.
තපනීය සූත්‍රය
මහණෙනි, තොපට තපනීය ධර්‍ම හා අතපනීයධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, තපනීයධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි.
මහණෙනි, අතපනීයධර්‍ම කවරේය යත්:
පණිවායෙන් වෙන්වීම ... සම්‍යක්දෘෂ්ටියි.
මහණෙනි, මේ අතපනීයධර්‍මයි කියනු ලැබේ.