10. 4. 3. 11.
දුක්ඛවිපාක සූත්‍රය
මහණෙනි, තොපට දුක්ඛවිපාකධර්‍ම හා සුඛවිපාකධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, දුක්ඛවිපාකධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ දුක්ඛවිපාකධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, සුඛවිපාකධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක්දෘෂ්ටියි.
මහණෙනි, මේ සුඛවිපාකධර්‍මයි කියනු ලැබේ.
තුන්වැනි සාධූවර්‍ග යි.
4. අරියමග්ග වර්‍ගය
10. 4. 4. 1.
අරියමග්ග සූත්‍රය
මහණෙනි, තොපට ආර්‍ය්‍යමාර්‍ගය හා අනාර්‍ය්‍යමාර්‍ගය හා දෙසමි. ඒ අසවු …
මහණෙනි, අනාර්‍ය්‍යමාර්‍ගය කවරේය යත්:
ප‍්‍රාණඝාතය ... මිථ්‍යා - දෘෂ්ටියි. මහණෙනි, මේ අනාර්‍ය්‍යමාර්‍ගයයි කියනු ලැබේ.
මහණෙනි, ආර්‍ය්‍යමාර්‍ගය කවරේය යත්:
ප‍්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ ආර්‍ය්‍යමාර්‍ගයි කියනු ලැබේ.
10. 4. 4. 2.
කණ්හමග්ග සූත්‍රය
මහණෙනි, තොපට කෘෂ්ණමාර්‍ගය හා ශුක්ලමාර්‍ගය හා දෙසමි. ඒ අසවු …
මහණෙනි, කෘෂ්ණමාර්‍ගය කවරේය යත්:
ප‍්‍රාණඝාතය ... මිථ්‍යා - දෘෂ්ටියි. මහණෙනි, මේ කෘෂ්ණමාර්‍ගයයි කියනු ලැබේ.
මහණෙනි, ශුක්ලමාර්‍ග කවරේය යත්:
ප‍්‍රාණඝාතයෙන් විරමණය .... සම්‍යක්දෘෂ්ටියි.
මහණෙනි, මේ ශුක්ලමාර්‍ගයි කියනු ලැබේ.
10. 4. 4. 3.
සද්ධම්ම සූත්‍රය
මහණෙනි, තොපට සද්ධර්‍මය හා අසද්ධර්‍මය හා දෙසමි. ඒ අසවු ....
මහණෙනි, අසද්ධර්‍මය කවරේය යත්:
ප‍්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අසද්ධර්‍මයයි කියනු ලැබේ.
මහණෙනි, සද්ධර්‍මය කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ සද්ධර්‍මයයි කියනු ලැබේ.