10. 3. 5. 5.
උප්පාදෙතබ්බ සූත්රය
මහණෙනි, තොපට ඉපදවියයුතු දහම් හා නො ඉපදවිය යුතු දහම් හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, නො ඉපදවිය යුතු දහම් කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නො ඉපදවිය යුතු දහමැයි කියනු ලැබේ. මහණෙනි, ඉපදවිය යුතු දහම් කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ඉපදවිය යුතු දහමැ යි කියනු ලැබේ.
10. 3. 5. 6.
ආසේවිතබ්බ සූත්රය
මහණෙනි, තොපට සෙවිය යුතු දහම් හා නො සෙවිය යුතු දහම් හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, නො සෙවිය යුතු දහම් කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නො සෙවිය යුතු දහමැ යි කියනු ලැබේ. මහණෙනි, සෙවිය යුතු දහම් කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සෙවිය යුතු දහමැ යි කියනු ලැබේ.
10. 3. 5. 7.
භාවෙතබ්බ සූත්රය
මහණෙනි, තොපට භාවයිතව්යධර්ම හා න භාවයිතව්යධර්ම දෙසමි. එ අසවු ... මහණෙනි, න භාවිතව්යධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ න භාවිතව්යධර්මයි කියනු ලැබේ. මහණෙනි, භාවයිතව්යධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ භාවිතව්යධර්ම යි කියනු ලැබේ.
10. 3. 5. 8.
බහුලීකත්තබ්බ සූත්රය
මහණෙනි, තොපට බහුලීකර්තව්යධර්ම හා අබහුලීකර්තව්යධර්ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, අබහුලීකර්තව්ය ධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මෙ අබහුලීකර්තව්යධර්ම යි කියනු ලැබේ. මහණෙනි, බහුලීකර්තව්යධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ බහුලීකර්තව්යධර්ම යි කියනු ලැබේ.
10. 3. 5. 9.
අනුස්සරිතබ්බ සූත්රය
මහණෙනි, තොපට අනුස්මර්තව්යධර්ම හා නානුස්මර්තව්යධර්ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, නානුස්මර්තව්යධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නානුස්මර්තව්යධර්ම යි කියනු ලැබේ. මහණෙනි, අනුස්මර්තව්යධර්ම කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනුස්මර්තව්යධර්ම යි කියනු ලැබේ.
10. 3. 5. 10.
සච්ඡිකාතබ්බ සූත්රය
මහණෙනි, තොපට සාක්ෂාත්කර්තව්යධර්ම හා න සාක්ෂාත්කර්තව්යධර්ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, න සාක්ෂාත්කර්තව්යධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ න සාක්ෂාත්කර්තව්යධර්ම යි කියනු ලැබේ. මහණෙනි, සාක්ෂාත් කර්තව්යධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සාක්ෂාත් කර්තව්යධර්ම යි කියනු ලැබේ.
පස්වැනි ආර්ය්යවර්ග යි.
තෙවන පණ්ණාසක යි.