10. 3. 5. 2.
සුක්කමග්ග සූත්රය
මහණෙනි, තොපට ශුක්ලමාර්ගය හා කෘෂ්ණමාර්ගය දෙසන්නෙම්. එ අසවු ... මහණෙනි, කෘෂ්ණමාර්ගය කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ කෘෂ්ණමාර්ග යි කියනු ලැබේ. මහණෙනි, ශුක්ලමාර්ගය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ශුක්ලමාර්ග යි කියනු ලැබේ.
10. 3. 5. 3.
සද්ධම්ම සූත්රය
මහණෙනි, තොපට සද්ධර්මය හා අසද්ධර්මය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අසද්ධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසද්ධර්ම යි කියනු ලැබේ. මහණෙනි, සද්ධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සද්ධර්ම යි කියනු ලැබේ.
10. 3. 5. 4.
සප්පුරිසධම්ම සූත්රය
මහණෙනි, තොපට සත්පුරුෂධර්මය හා අසත්පුරුෂධර්මය හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අසත්පුරුෂධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසත්පුරුෂධර්ම යි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂධර්මය කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සත්පුරුෂධර්ම යි කියනු ලැබේ.
10. 3. 5. 5.
උප්පාදෙතබ්බ සූත්රය
මහණෙනි, තොපට ඉපදවියයුතු දහම් හා නො ඉපදවිය යුතු දහම් හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, නො ඉපදවිය යුතු දහම් කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නො ඉපදවිය යුතු දහමැයි කියනු ලැබේ. මහණෙනි, ඉපදවිය යුතු දහම් කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ඉපදවිය යුතු දහමැ යි කියනු ලැබේ.
10. 3. 5. 6.
ආසේවිතබ්බ සූත්රය
මහණෙනි, තොපට සෙවිය යුතු දහම් හා නො සෙවිය යුතු දහම් හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, නො සෙවිය යුතු දහම් කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නො සෙවිය යුතු දහමැ යි කියනු ලැබේ. මහණෙනි, සෙවිය යුතු දහම් කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සෙවිය යුතු දහමැ යි කියනු ලැබේ.
10. 3. 5. 7.
භාවෙතබ්බ සූත්රය
මහණෙනි, තොපට භාවයිතව්යධර්ම හා න භාවයිතව්යධර්ම දෙසමි. එ අසවු ... මහණෙනි, න භාවිතව්යධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ න භාවිතව්යධර්මයි කියනු ලැබේ. මහණෙනි, භාවයිතව්යධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ භාවිතව්යධර්ම යි කියනු ලැබේ.