10. 3. 3. 1.
ප්රථම සූත්රය
මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දස දහම්හි පරිශුද්ධ පර්ය්යවදාත නො වෙත්. කවර දස කෙනෙක යත්:
සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණය, සම්මා විමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දස දහම්හු පරිශුද්ධ පර්ය්යවදාත නො වෙතැයි.
10. 3. 3. 2.
ද්වේතීය සූත්රය
මහණෙනි, නූපන් මෙ දස දහම්හු සුගත් විනය හැර අන් තැනක නො උපදනාහ. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨි ... සම්මාවිමුක්තිය. මහණෙනි, නූපන් මෙ දසදහම්හු සුගත් විනය හැර අන් තන්හි නූපදනාහ යි.
10. 3. 3. 3.
තෘතීය සූත්රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනක මෙ දසදහම්හු මහත්ඵල මහානෘසංස නො වෙත්. කවර දස දහමෙක් යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැන්හි මෙ දසදහම්හු මහත්ඵල මහා නෘසංස නො වෙත් යී.
10. 3. 3. 4.
චතුර්ත්ථ සූත්රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනක මෙ දසදහම්හු රාගවිනය පර්ය්යවසාන කොට ඇති නො වෙත්. ද්වේෂ විනය පර්ය්යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්ය්යවසාන කොට ඇති නො වෙත්. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දසදහම්හු රාගවිනය පර්ය්යවසාන කොට, ඇති නො වෙත්. ද්වේෂ විනය පර්ය්යවසාන කොට, ඇති නො වෙත්. මෝහවිනය පර්ය්යවසාන කොට, ඇති නො වෙත් යී.
10. 3. 3. 5.
පඤ්චම සූත්රය
මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්යුපසමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස නො වැටෙත්. කවර දස දහමෙකයත්: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස නො වැටෙති යී.
10. 3. 3. 6.
ෂෂ්ඨ සූත්රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක නූපන් මෙ දසදහම්හු භාවිත බහුලීකෘත ව නො උපදනාහ. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි නූපන් මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව නූපදනාහ යි.
10. 3. 3. 7.
සප්තම සූත්රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව මහත්ඵල මහානෘශංස නො වෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව මහත්ඵල මහානෘශංස නො වෙති යී.
10. 3. 3. 8.
අෂ්ටම සූත්රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු රාගවිනය පර්ය්යවසාන කොට ඇති නො වෙත්. ද්වේෂවිනය පර්ය්යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්ය්යවසාන කොට ඇති නො වෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු රාගවිනය පර්ය්යාවසාන කොට ඇති නො වෙත්. ද්වේෂවිනය පර්ය්යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්ය්යවසාන කොට ඇති නොවෙත්.