10. 3. 2. 10.
ආසවක්ඛය සූත්‍රය
මහණෙනි, මේ දශධර්‍ම කෙනෙක් භාවිත බහුලීකෘත වූහු ආස්‍රවක්‍ෂය සඳහා වැටෙත්. කවර දශ කෙනෙක යත්:
සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසතිය ය, සම්මාසමාධි ය, සම්මාඤාණය, සම්මාවිමුත්ති යි.
මහණෙනි, මේ දසදහම් භාවිතා බහුලීකෘත වූහු ආස්‍රවක්‍ෂය පිණිස වැටෙතැයි.
දෙවන පච්චෝරෝහණ වර්‍ග යි.
එහි උද්දානය:
අධර්‍ම සූත්‍ර තුනෙක, අජිත සූත්‍රය, සඞ්ගාරව සූත්‍රය, ඔරිම සූත්‍රය, පච්චෝරෝහණ සූත්‍ර දෙකය, පුබ්බඞ්ගම සූත්‍රය ආසව සූත්‍රයදැයි යන දසයයි.
3. පරිශුද්ධ වර්‍ගය
10. 3. 3. 1.
ප්‍රථම සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දස දහම්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත නො වෙත්. කවර දස කෙනෙක යත්:
සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණය, සම්මා විමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දස දහම්හු පරිශුද්ධ පර්‍ය්‍යවදාත නො වෙතැයි.
10. 3. 3. 2.
ද්වේතීය සූත්‍රය
මහණෙනි, නූපන් මෙ දස දහම්හු සුගත් විනය හැර අන් තැනක නො උපදනාහ. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨි ... සම්මාවිමුක්තිය. මහණෙනි, නූපන් මෙ දසදහම්හු සුගත් විනය හැර අන් තන්හි නූපදනාහ යි.
10. 3. 3. 3.
තෘතීය සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනක මෙ දසදහම්හු මහත්ඵල මහානෘසංස නො වෙත්. කවර දස දහමෙක් යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැන්හි මෙ දසදහම්හු මහත්ඵල මහා නෘසංස නො වෙත් යී.
10. 3. 3. 4.
චතුර්‍ත්‍ථ සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනක මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. ද්වේෂ විනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යවසාන කොට, ඇති නො වෙත්. ද්වේෂ විනය පර්‍ය්‍යවසාන කොට, ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට, ඇති නො වෙත් යී.