10. 3. 2. 1.
පඨම අධම්ම සූත්රය
මහණෙනි, අධර්ම හා අනර්ත්ථ හා දතයුතු, ධර්ම හා අර්ත්ථ හා දතයුතු, අධර්ම හා අනර්ත්ථ හා දැන ධර්ම හා අර්ත්ථ දැන ධර්ම යම් පරිදි වේ නම් අර්ත්ථ යම් පරිදි වේ නම් ඒ පරිදි පිළිපැදිය යුතු.
මහණෙනි, අධර්මය හා අනර්ත්ථය හා කවර: මිච්ඡාදිට්ඨි ය, මිච්ඡාසඞ්කප්ප ය, මිච්ඡාවාචා ය, මිච්ඡාකම්මන්ත ය, මිච්ඡාආජීව ය, මිච්ඡාවායාම ය, මිච්ඡාසති ය, මිච්ඡාසමාධි ය, මිච්ඡාඤාණ ය, මිච්ඡාවිමුත්ති ය යි. මහණෙනි, මේ අධර්මය හා අනර්ත්ථය හා යි කියනු ලැබේ.
මහණෙනි, ධර්ම හා අර්ත්ථ හා කවරේ ය යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති ය යි. මහණෙනි, ධර්ම හා අර්ත්ථ යයි කියනු ලැබේ.
මහණෙනි, අධර්මය හා අනර්ත්ථය හා දත යුතු ය, ධර්මය හා අර්ත්ථය හා දත යුතුය, අධර්ම හා අනර්ත්ථ හා දැන ධර්ම හා අර්ත්ථ හා දැන ධර්මය යම් පරිදි වේ නම් අර්ත්ථය යම් පරිදි වෙ නම් එපරිදි පිළිපැදිය යුතු යයි මෙසේ යමක් කියනලද නම්, තෙල මෙ පිණිස කියන ලදැ යි.
10. 3. 2. 2.
දුතිය අධම්ම සූත්රය
මහණෙනි, අධර්ම හා ධර්ම හා දතයුතු: අනර්ත්ථ හා අර්ත්ථ හා දතයුතු, අධර්ම හා ධර්ම හා දැන අනර්ත්ථ හා අර්ත්ථ හා දැන ධර්මය යම් පරිදි වේ නම්, අර්ත්ථය යම් පරිදි වේ නම් එසේ නම් පිළිපැදිය යුතුයි.
මහණෙනි, අධර්මය කවරේය, ධර්මය කවරේය, අනර්ත්ථය කවරේය, අර්ත්ථය කවරේය යත්:
1. මහණෙනි, මිච්ඡාදිට්ඨිය අධර්මයි, සම්මාදිට්ඨිය ධර්ම යි. මිථ්යාදෘෂ්ටි ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්මයෝ උපදනාහු නම්, මේ අනර්ත්ථ වෙයි. සම්යග්දෘෂ්ටිප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්ත්ථ වෙයි.
2. මහණෙනි, මිථ්යාසංකල්පය අධර්මයි, සම්යක්සංකල්පය ධර්ම යි. මිථ්යාසංකල්ප ප්රත්යයෙන් යම් ම නොයෙක් ලාමක අකුශලධර්මයෝ උපදනාහු නම්, මේ අනර්ත්ථ යි. සම්යග්සංකල්ප ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්ත්ථ යි.
3. මහණෙනි, මිථ්යාවාක් අධර්මයි, සම්යග්වාක් ධර්ම යි. මිථ්යාවාක් ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්මයෝ උපදනාහු නම්, මේ අනර්ත්ථ යි. සම්යග්වාක් ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්ත්ථ යි.
4. මහණෙනි, මිථ්යාකර්මාන්තය අධර්මයි, සම්යක්කර්මාන්තය ධර්ම යි. මිථ්යාකර්මාන්ත ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්මයෝ උපදනාහු නම්, මේ අනර්ත්ථ යි. සම්යග්කර්මාන්ත ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්ත්ථ යි.
5. මහණෙනි, මිථ්යාආජීවය අධර්මයි, සම්යගාජීවය ධර්ම යි. මිථ්යාජීව ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්මයෝ උපදනාහු නම්, මේ අනර්ත්ථ යි. සම්යගාජීව ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්ත්ථ යි.
6. මහණෙනි, මිථ්යාව්යායාමය අධර්මයි, සම්යග්ව්යායාමය ධර්ම යි. මිථ්යාව්යායාම ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්මයෝ උපදනාහු නම්, මේ අනර්ත්ථ යි. සම්යග්ව්යායාම ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්ත්ථ යි.
7. මහණෙනි, මිථ්යාස්මෘතිය අධර්මයි, සම්යක්ස්මෘතිය ධර්ම යි. මිථ්යාස්මෘති ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්මයෝ උපදනාහු නම්, මේ අනර්ත්ථ යි. සම්යග්ස්මෘති ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්ත්ථ යි.
8. මහණෙනි, මිථ්යාසමාධිය අධර්මයි, සම්යක්සමාධිය ධර්ම යි. මිථ්යාසමාධිය ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්මයෝ උපදනාහු නම්, මේ අනර්ත්ථ යි. සම්යග්සමාධි ප්රත්යයෙන් නොයෙක් කුශලධර්මයෝ භාවනායෙන් පරිපූර්තියට යෙත් නම් මේ අර්ත්ථ යි.
9. මහණෙනි, මිථ්යාඥානය අධර්මයි, සම්යග්ඥානය ධර්ම යි. මිථ්යාඥාන ප්රත්යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්මයෝ උපදනාහු නම්, මේ අනර්ත්ථ යි. සම්යග්ඥාන ප්රත්යයෙන් නොයෙක් කුශලදහම්හු භාවනායෙන් පිරිපුන්බවට යෙත් නම් මේ අර්ත්ථ යි.