10. 1. 4. 5.
නිස්සය සූත්රය
[සැවැත්]
වහන්ස, කෙතෙක් කරුණින් සමන්වාගත මහණහු විසින් නිඃශ්රය දියයුතු දැයි?
උපාලි, දස කරුණෙකින් සමන්වාගත මහණහු විසින් නිඃශ්රය දිය යුත්තේය. කවර දසයෙකින යත්: උපාලි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සිකපදෙහි හික්මෙයි ... බහුශ්රුත වෙයි. ... දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදින ලදහ. ඔහට ප්රාතිමෝක්ෂය විතර විසින් ස්වාගත වෙයි. සූත්ර විසින් අනුව්යඤ්ජන විසින් සුවිභක්ත වූයේ මොනොවට පවත්වන ලදුයේ සුවිනිශ්චිත වෙයි. ගිලන් උවටනුවට වේවයි උවටවනුවට වේවයි සමර්ත්ථ වෙයි. උකටලී බව් සන්හිඳුවනට හෝ සන්හිඳුවිම් කරවනුවට සමර්ත්ථ වෙයි. උපන් කුකුස් දැහැමින් දුරලනුවට සමර්ත්ථ වෙයි. උපන් දෘෂ්ටිගතය ධර්මයේන දුරැලීමට ප්රතිබල වෙයි. අධිශීලයෙහි ... අධිචිත්තයෙහි ... අධිප්රඥායෙහි සමාදන් කරනුවට සමර්ත්ථ වෙයි. උපාලි, මේ දසදහමින් සමන්වාගත වූ භික්ෂූහු විසින් නිඃශ්රය දියයුතු වේ.
10. 1. 4. 6.
සාමණේර සූත්රය
[සැවැත්]
වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් සමන්වාගත මහණහු විසින් හෙරණ එළඹවාගත යුත්තේ දැයි?
උපාලියෙනි, දශාඞ්ගයෙකින් සමන්වාගත මහණහු විසින් හෙරණ එළවාගත යුත්තේය: කවර දශයෙකින යත්: උපාලියෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සිකපෙදෙහි හික්මෙයි. ... බහුශැත වෙයි ... ප්රඥාදෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලදහ. ඔහට ප්රාතිමෝක්ෂය විස්තර විසින් ස්වාගත වෙයි. සූත්ර විසිනුදු අනුව්යඤ්ජන විසිනුදු සුවිභක්ත වූයේ මොනොවට පවත්වන ලදුයේ සුවිනිශ්චිත වූයේ වෙයි. ගිලන්හු උවටනුවට හෝ උවටන්කරවන්නට ප්රතිබල වෙයි. උපන් අනභිරතිය සංහිඳුනට හෝ සංහිඳුවන්නට ප්රතිබල වෙයි. උපන් කුකුස ධර්මයෙන් දුරැලීමට ප්රතිබල වෙයි. උපන් දෘෂ්ටිගතය ධර්මයෙන් දුරලීමට සමර්ත්ථ වෙයි. අධිශීලයෙහි සමාදන් කරවනට සමර්ත්ථ වෙයි. අධිචිත්තයෙහි සමාදන් කරවනට සමර්ත්ථ වෙයි. අධිප්රඥායෙහි සමාදන් කරවනට සමර්ත්ථ වෙයි. උපාලියෙනි, මේ දශාඞ්ගයෙන් සමන්වාගත මහණහු විසින් සාමණේරයෙක් එළවිය යුත්තේයි.
10. 1. 4. 7.
සඞ්ඝභේද සූත්රය
[සැවැත්]
වහන්ස, සඞ්ඝභේදය, සඞ්ඝභේදයයි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝභේදය වේ දැයි.
උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්මය ධර්මයයි දක්වත්. ධර්මය ‘අධර්ම’ යයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාසිත අලපිතය තථාගත විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගත විසින් භාෂිතය ලපිතය තථාගත විසින් අභාෂිතය අලපිතයයි දක්වත්. තථාගත විසින් අනාචීර්ණය තථාගත විසින් ආචීර්ණයයි දක්වත්. තථාගත විසින් ආචීර්ණය තථාගත විසින් අනාචීර්ණයයි දක්වත්. තථාගත විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්යර්ත්ථයෙන් ඇද ගනිත්, වෙන් ව කර්ම කෙරෙත්, වෙන් ව පාමොක් උදෙසත්, උපාලියෙනි, මෙතෙකින් සඞ්ඝ භේද වෙයි.