10. 1. 3. 5.
කසිණ සූත්‍රය
මහණෙනි, මේ කසිණායතනයෝ දස දෙනෙකි, කවර දස දෙනෙක යත්: කිසිවෙක් ගගනතලාභිමුඛ වූ භූමිතලාභිමුඛ වූ තිර්‍ය්‍යග්ගත වූ අනන්‍ය වූ ප්‍රමාණ රහිත වූ පඨවිකසිණායතනය දන්නේ ය. කිසිවෙක් ආපෝකසිණායතනය දන්නේ ය ... කිසිවෙක් තේජෝකසිණායතනය දන්නේ ය ... කිසිවෙක් වායොකසිණායතනය දන්නේ ය ... කිසිවෙක් නීලකසිණායතන දන්නේය ... කිසිවෙක් පීතකසිණායතන දන්නේය ... කිසිවෙක් ලෝහිතකසිණායතන දන්නේය ... කිසිවෙක් ඕදාතකසිණායතන දන්නේය ... කිසිවෙක් ගගනතලගත වූ භූමි තලගත වූ තිර්‍ය්‍යග්ගත වූ අනන්‍ය වූ ප්‍රමාණ රහිත වූ විඤ්ඤාණ කසිණායතන දන්නේ යි. මහණෙනි, මේ දස කසිණායතන යි.
10. 1. 3. 6.
කාලී සූත්‍රය
එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්තී ජනපදයෙහි කුරරඝර සමීපයෙහි වූ පවත්ත පව්වෙහි වාසය කරත්. එකල්හි කුරරඝර වැසි කාලී උපාසිකා ආයුෂ්මත් මහාකච්චාන තෙරුන් වෙත එළඹියා. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරුන් වැඳ එකත්පස් ව හුනු. එකත්පස් ව හුන් කුරරඝර වැසි කාලී උපාසිකා ආයුෂ්මත් මහාකච්චාන තෙරුන්ට තෙල සැලකළා:
වහන්ස, (මාරදුහිතෘ) කුමාරි ප්‍රශ්නයන්හිදී භාග්‍යවතුන්වහන්සේ විසින් මෙය වදාරණ ලදී:
1. “ප්‍රිය ස්වභාව ඇත්තාවූ ද සාත ස්වරූප ඇත්තාවූ ද කෙලෙස් මරසෙන් දිනා මම ඒකාකී වූයෙම් ධ්‍යාන කරමින් (අර්‍හත්‍ව නැමැති) අර්‍ත්‍ථ ප්‍රාප්තිය ඇති හෘදයාගේ ශාන්තිය වූ සුඛය සාක්‍ෂාත් කෙළෙමි. එහෙයින් ජනයා සමග ධර්‍මසාක්‍ෂිභාවයක් නො කරමි, කිසිවකු හා මාගේ සාක්‍ෂි ධර්‍මයක් නො සැපෙයේ”යි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය කිසෙයින් විතර විසින් දැක්ක යුතුදැ? යි.
බුහුන, ඇතැම් මහණබමුණෝ “අර්‍ත්‍ථයෝ පෘථිවීකෘත්සනය පරම කොට ඇතියහ”යි (එදැහැන) නිපදවූහ. බුහුන, පඨවී කසිණසමාපත්තියගේ යම් පමණ වූ උත්තමතායෙක් වේ නම් භාග්‍යවත්හු එය අභිඥා ප්‍රඥායෙන් දත්හ, එය අභිඥා ප්‍රඥායෙන් දැන භාග්‍යවත්හු එහි ආදිය (සමුදය සත්‍යය) දුටහ, එහි ආදීනව (දුඃඛ සත්‍යය) දුටහ, එහි නිඃසරණය (නිරෝධ සත්‍යය) දුටහ. මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය (මාර්‍ගසත්‍යය) දුටහ. ඔහුගේ ආදිදර්‍ශනහේතුයෙන් ආදිනවදර්‍ශන හේතුයෙන් නිඃසරණ දර්‍ශන හේතුයෙන් මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනය හේතුයෙන් (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථ ප්‍රාප්තිය, හෘදය ශාන්තිය දන්නාලද වෙයි.
බුහුන, ඇතැම් මහණබමුණෝ අර්‍ත්‍ථයෝ අපොකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, තේජෝකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, වායොකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, නීලකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ... බුහුන, පීතකසිණසමාපත්තිය පරම කොට ඇතියහයි ...