10. 1. 3. 4.
මහාචුන්ද සූත්රය
එක් සමයෙක්හි ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ චෙතී ජනපදයෙහි වූ සහජාතියෙහි වාස කරන්නාහ. එකල්හි ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාචුන්ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ තෙල කීහ.
ඇවැත්නි, මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මියි, ඥානවාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය එ මහණ මැඩගෙන සිටුනේ නම්, ද්වේෂය ... මෝහය ... ක්රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්ෂ්යාය ... පාපේච්ඡාය මැඩ ගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දත යුතු වෙයි: මේ ආයුෂ්මත් යම් පරිද්දෙකින් දන්නාහට ලෝභයෙක් නොවේ ද, එ පරිදි නො දන්නේ ය. එසේ මැයි ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේය. මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාහට ද්වේෂය නො වේ ද, එපරිදි නො දන්නේ ය, මෝහය ... ක්රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්ෂ්යාය ... පාපේච්ඡාය නො වේ ද, එ පරිදි නො දන්නේ ය. එසේමය, පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේය.
ඇවැත්නි, මහණ “භාවිතකාය ඇතියෙමි, භාවිතශීල ඇතියෙමි, භාවිත චිත්ත ඇතියෙමි, භාවිත ප්රඥා ඇතියෙමි”යි භාවනා වාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩ ගෙන සිටුනේ නම්, ද්වේෂය ... මෝහය ... ක්රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්ෂ්යාය ... පාපේච්ඡාය මැඩ ගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දත යුතු වෙයි: “මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාහට ලෝභය නොවේ ද, එ පරිදි නොදන්නේ ය. එසේ මැයි, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිතුනේ ය. මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාක්හට ද්වේෂය නො වේ ද, ඒ පරිදි නො දන්නේය. මෝහය … ක්රෝධය … උපනාහය … මක්ඛය … පළාසය ... මච්ඡරිය ... පාපෙර්ෂ්යාය ... පාපේච්ඡාය නො වේ ද, ඒ පරිදි නො දන්නේ ය. එසේ ම ය. පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය.
ඇවැත්නි, මහණ “මේ දහම් දන්මි, මේ දහම් දක්මි, භාවිතකාය ඇතියෙමි, භාවිතශීල ඇතියෙමි, භාවිතචිත්ත ඇතියෙමි, භාවිතප්රඥා ඇතියෙමි”යි ඥානවාද හා භාවනා වාදය හා කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන සිටුනේ නම් ද්වේෂය ... මෝහය ... ක්රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්ෂ්යාය ... පාපේච්ඡාය මැඩ ගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දත යුතු වෙයි: මේ ආයුෂ්මත් යම් පරිදි දක්නාහට ලෝභය නොවේ ද, එ පරිදි නොදන්නේ ය. එසේමය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය, මේ ආයුෂ්මත්හු යම් පරිදි දක්නාහට ද්වේෂය නොවේ ද එ පරිදි නොදන්නේ ය. මෝහය ... ක්රෝධය ... උපනාහය ... මක්ඛය ... පළාසය ... මච්ඡරිය ... පාපෙර්ෂ්යාය ... පාපේච්ඡාය නොවේ ද, එපරිදි නොදන්නේ ය. එසේමය පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය.
ඇවැත්නි, යම්පුරුෂයෙක් දිළිඳු වූයේ ම ආඪ්යවාදය කියන්නේ වේ ද, නිර්ධන වූයේ ම ධනවාදය කියන්නේ වේ ද, භොග රහිත වූයේ ම භෝගවාදය කියන්නේ වේ ද, හේ යම් ධනකරණී ඇතිවත්ම ධනය වේ වයි ධ්යාන වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට නො හැකි වන්නේ ය. “මේ ආයුෂ්මත් දිළිඳු වූයේ ම ආඪ්යවාදය කියයි, මේ ආයුෂ්මත් නිර්ධන වූයේ ම ධනවාදය කියයි, මේ ආයුෂ්මත් භොග නැතියේ ම භෝගවාදය කියා ය”යි තුලුන් මෙසේ හඳුනා ගන්නේ ය. එ කවර හෙයින යත්: මේ ආයුෂ්මත් යම් ම ධනකරණී ඇතිවත් ධන වේවයි, ධාන්ය වේවයි, රජත වේවයි, කනක වේවයි, එළවන්නට නො හැකි වන්නේ ද, එහෙයිනි.
ඇවැත්නි, එසෙයින් ම “මේ දහම් දන්මි, මේ දහම් දක්මි, භාවිතකායයෙමි, භාවිතශීලයෙමි, භාවිතචිත්තයෙමි, භාවිතප්රාඥයෙමි” යි මහණ ඥානවාදය හා භාවනා වාදය කියන්නේ වේ ද, ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන සිටුනේ නම්, ද්වේෂය - මෝහය - ක්රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්ෂ්යය - පාපේච්ඡාය මැඩගෙන සිටුනේ නම්, ඒ මහණ මෙසේ දතයුතු වෙයි. “මේ ආයුෂ්මත් යම් පරිදි දන්නාහට ලෝභය නො වේ ද, එපරිදි නො දන්නේ ය”යි. එසේ ම ය, ලෝභය මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය, මේ ආයුෂ්මත් යම්පරිදි දන්නාහට ද්වේෂය නො වේ ද, එපරිදි නො දන්නේ ය. මෝහය - ක්රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - මච්ඡරිය - පාපෙර්ෂ්යය - පාපේච්ඡාය නො වේ ද, එපරිදි නො දන්නේ ය. එසේ ම පාපේච්ඡාව මේ ආයුෂ්මත්හු මැඩ ගෙන සිටුනේ ය.