10. 1. 3. 3.
කාය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, වාග්ද්වාරය තබා කායද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ඇත. මහණෙනි, කායද්වාරය තබා වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ඇත. මහණෙනි, කායද්වාරය ද තබා වාග්ද්වාරය ද තබා ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ඇති.
මහණෙනි, වාග්ද්වාරය තබා කායද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍ම කවර යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කයින් කිසි ලේශමාත්‍රවූ අකුශලාපත්තියක් අවන්නේ වෙයි. විඥ සබ්‍රම්සරහු එයට බැස ගෙන ඔහට මෙසේ කියත්: “ඇවැත් කයින් කිසි ලේශමාත්‍ර වූ අකුශලයක් අවන්නේ වෙයි. ඇවැත් කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩා නම් නම් මැනවැ”යි. හේ විඥ සබ්‍රම්සරුන් විසින් බැස ගෙන දැන කියනු ලබන්නේ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩනේ ය. මහණෙනි. මොහු වාග්ද්වාරය තබා කායද්වාරයෙන් ප්‍රාතව්‍ය ධර්‍මයහයි කියනු ලැබෙත්.
මහණෙනි, කායද්වාරය තබා වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍ම කවරහ යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කිසි දේශමාත්‍ර අකුශලාපත්තියක් වාග්ද්වාරයෙන් අවන්නේ වෙයි. විඥ සබ්‍රම්සරහු එයට බැස ගෙන දැන ඔහට මෙසේ කියත්: ආයුෂ්මත් වනාහි වාග්ද්වාරයෙන් කිසි දේශමාත්‍ර අකුශලයක් අවන්නේ ය. ඇවැත් වාග්දුශ්චරිතය හැරපියා වාග්සුචරිතය වඩා නම් මැනැවැ’යි. හේ විඥ සබ්‍රම්සරුන් විසින් බැස ගෙන දැන කියනු ලබනුයේ වාග්දුශ්චරිතය හැරපියා වාග්සුචරිතය වඩනේ ය. මහණෙනි, මොහු කායද්වාරය තබා වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය ධර්‍ම යි කියනු ලබත්.
මහණෙනි, කායද්වාරය හා වාග්ද්වාරය තබා ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය ධර්‍ම කවරහ යත්:
මහණෙනි, ලෝභය නො ද කායද්වාරයෙන් නො ද වාග්ද්වාරයෙන් ප්‍රහාතව්‍ය වෙයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි. මහණෙනි, ද්වේෂය ... මහණෙනි, මෝහය ... මහණෙනි, ක්‍රෝධය ... මහණෙනි, උපනාහය ... මහණෙනි, මක්ඛය ... මහණෙනි, පලාසය ... මහණෙනි, මච්ඡරිය නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍ය වෙයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි. මහණෙනි, ලමු ඊර්‍ෂ්‍යාව නො ම කයින් නො ම වචසින් ප්‍රහාතව්‍ය වෙයි. ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි.
මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යා කවර යත්:
මහණෙනි, මෙ ලොව්හි ගැහැවියකුහට වේවයි, ගැහැවිපුතක්හට වේවයි ධනයෙන් හෝ ධාන්‍යයෙන් හෝ රිදියෙන් හෝ රනින් හෝ සමෘද්ධියෙක් වෙයි. එහිලා අන්‍යතර දාසයකුහට වේවයි වෙත වසනුවකුහට වේවයි මෙ බඳු සිතෙක් වෙයි: “එකැතින් මේ ගැහැවි හට හෝ ගැහැවි පුත්හට හෝ ධනයෙන් වේවයි, ධාන්‍යයෙන් වේවයි, රිදියෙන් වේවයි, රනින් වේවයි, සමෘධියෙක් නොවේ නම් යෙහෙකැ”යි. මහණෙක් වේවයි, බමුණෙක් වේවයි, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුලු වෙයි. එහිලා අන්‍යතර මහණක්හට හෝ බමුණකු හට හෝ මෙ බඳු සිතෙක් වෙයි: “එකැතින් මේ ඇවැත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන සුලු නම්, අහෝ යෙහෙකැ”යි. මහණෙනි, මෙ ලාමක ඊර්‍ෂ්‍යා යි කියනු ලැබේ. මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව නො ද කයින් නො ද වචසින් ප්‍රහාතව්‍ය වෙයි. (විදර්‍ශනා මාර්‍ග) ප්‍රඥායෙන් දැක දැක ප්‍රහාතව්‍ය වෙයි.