10. 1. 3. 2.
අධිවුත්තිපද සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ආනන්‍දයෙනි, ඒ ඒ (ස්කන්‍ධධාත්‍වායතන ධර්‍ම හා දෘෂ්ටිව්‍යවහාර සඞ්ඛ්‍යාත) අධිවචනපදයන් දැන පසක් කිරීම සඳහා යම් ඒ (දශබලඥාන සර්‍වඥතාඥානසඞ්ඛ්‍යාත) ධර්‍මයෝ වෙත් නම්, ආනන්‍දයෙනි, එහිලා ඒ ඒ දෘෂ්ටිගතයනට ඒ ඒ පරිදි ධර්‍මය දෙසනුවට මම් විශාරද වූයෙම් (ඥානසෞමනස්‍යප්‍රාප්ත වූමේ) පිළින කරමි. යම් යම් පරිදි පිළිපන්නේ විද්‍යමාන වූ ධර්‍මය ‘ඇතැ’යි දන්නේ හෝ වේද, අවිද්‍යමාන ධර්‍මය ‘නැතැ’යි දන්නේ හෝ වේ ද, හීන ධර්‍මය හීන ධර්‍ම යයි දන්නේ හෝ වේ ද, ප්‍රණීත වූ ධර්‍මය ප්‍රණීතධර්‍ම යයි දන්නේ හෝ වේද, සෝත්තර ධර්‍මය සෝත්තර ධර්‍මය යයි දන්නේ හෝ වේද, අනුත්තර ධර්‍මය අනුත්තර ධර්‍ම යයි දන්නේ හෝ වේද, ඥාතව්‍යය වේවයි, ද්‍රෂ්ටව්‍යය වේවයි, සාක්‍ෂාත් කර්‍තව්‍යය වේවයි යම් යම් පරිදි වේ නම්, එය ඒ ඒ පරිදි දැනගන්නේ වේවයි දක්නේ වේවයි සාක්‍ෂාත් කරන්නේ වේවයි යන තෙල කාරණය ඇත. ආනන්‍දයෙනි, ඥානයන් අතුරෙහි ඒ ඒ ධර්‍මයන් විෂයයෙහි යම්බඳු යථාභූත (යථාස්වභාව) ඥානයෙක් වේ නම් තෙල අනුත්තරිය වෙයි. ආනන්‍දයෙනි, තෙල (යථාභූත) ඥානයෙන් උත්තරීතර වූ හෝ ප්‍රණීතතර අන්‍යඥානයෙක් නැතැයි මම කියම්.
ආනන්‍දයෙනි, යම් බල කෙනෙකුන්ගේ සමන්‍වාගත තථාගත තෙම ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කරනුයේ ද, පර්‍ෂද්හි සිංහනාද කෙරෙයි ද, බ්‍රහ්මචක්‍රය පවත්වා ද, තථාගතයන්ගේ මෙ එබඳු බල දශයෙක: කවර දශයෙක යත්:
1. ආනන්‍දය, මෙලොව්හි තථාගත ස්ථානය ස්ථාන විසිනුත් අස්ථානය අස්ථාන විසිනුත් දන්නේය. ආනන්‍දයෙනි, යම්හෙයෙකින් තථාගත ස්ථානය ස්ථාන විසින්ද අස්ථානය අස්ථාන විසින් ද යථාභුතකොට ප්‍රතිඥා කෙරේ ද, ආනන්‍දයෙනි, තථාගත යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරෙයි ද බ්‍රහ්මචක්‍රය පවත්වා ද තථාගත යන්ගේ මේ ඒ තථාගත බලයයි.
2. තවද ආනන්‍දයෙනි, තථාගත අතීතානාගත ප්‍රත්‍යුපන්න කර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත කොට ප්‍රත්‍යය විසින් හේතු විසින් පිළින කරයි. ආනන්‍දයෙනි, යම් හෙයකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
3. තවද ආනන්‍දයෙනි, තථාගත සර්‍වත්‍රගාමිනී ප්‍රතිපද් සඞ්ඛ්‍යාත යථාභූතව, දන්නේ ය. ... ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
4. තවද ආනන්‍දයෙනි, තථාගත අනේකධාතු නානාධාතු ලෝකසඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
5. තවද ආනන්‍දයෙනි, තථාගත සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකතාසඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
6. තවද ආනන්‍දයෙනි, තථාගත පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතා සඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
7. තවද ආනන්‍දයෙනි, තථාගත ධ්‍යානවිමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංකිලේස, වෝදාන, වුට්ඨාන සඞ්ඛ්‍යාත යථාභූතය දන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි ...
8. තවද ආනන්‍දයෙනි, තථාගත අනේකවිධ පූර්‍වනිවාසය එනම් එක් ජාතියකුදු ජාතිදෙකකුදු ... සිහිකරන්නේ ය. ... මෙසේ සාකාර සොද්දේශ වූ අනේකවිධ පූර්‍වනිවාසය සිහිකරන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් ... ආනන්‍දයෙනි, මේ වනාහි …