10. 1. 2. 10.
දෙවෙනි ආරියවාස සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කුරුජනපදයෙහි කම්මාස්සදම්ම නම් කුරූන්ගේ නියම්ගම්හි වාසය කෙරෙත්. එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූහ. ... භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක. මහණෙනි. ආර්ය්යයෝ යම් වාසයෙකැ වුසූහු ද වෙසෙත් ද වසන්නාහු ද මේ ඒ ආර්ය්යයෝ දශයෙක, කවර දශයෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ පඤ්චඞ්ගවිප්පහීන වෙයි. ඡළඞ්ගසමන්නාගත වෙයි. ඒකාරක්ඛ වෙයි. චතුරාපස්සේන වෙයි. පනුණ්ණපච්චේකසච්ච වෙයි. සමවයසට්ඨෙසන වෙයි. අනාවිල සඞ්කප්ප වෙයි. පස්සද්ධකායසඞ්කාර වෙයි. සුවිමුත්තචිත්ත වෙයි. සුවිමුත්තපඤ්ඤ වෙයි.
1. මහණෙනි, කෙසේ නම් මහණ පඤ්චඞ්ගවිප්පහීන වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමච්ඡන්දය ප්රහීණය වෙයි, ව්යාපාදය ප්රහීණය වෙයි, ථිනමිද්ධය ප්රහීණය වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්රහීණය වෙයි, විචිකිච්ඡා ප්රහීණය වෙයි. මහණෙනි, මෙසේ මහණ පඤ්චඞ්ගවිප්පහීන වෙයි.
2. මහණෙනි, කිසෙයින් මහණ ඡළඞ්ගසමන්නාගත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්ෂුස්ප්රසාදයෙන් රූපාලම්බනයක් දැක නො ම සුමන වෙයි. නො ම දුම්මන වෙයි. උපේක්ෂායෙන් යුක්ත වූයේ ස්මෘති ඇතියේ සම්යක්ප්රඥා ඇතියේ වාසය කරයි. ශ්රෝත්රප්රසාදයෙන් ශබ්දාලම්භනය අසා - ඝ්රාණප්රසාදයෙන් ගන්ධාලම්බනය ආඝ්රාණ කොට - ජිහ්වාප්රසාදයෙන් රසාලම්බනය විඳ - කායප්රසාදයෙන් ස්ප්රෂ්ටව්යාලම්බනය පැහැස - මනසින් ධර්මාලම්බනය දැන නො ම සුමන වෙයි. නො ම දුම්මන වෙයි. උපේක්ෂා ඇතියේ සිහි ඇතියේ සම්යක්ප්රඥා ඇතියේ වසයි. මහණෙනි, මෙසේ මහණ ඡළඞ්ගසමන්නාගත වෙයි.
3. මහණෙනි, කිසෙයින් මහණ ඒකාරක්ඛ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ ස්මෘතිය ආරක්ෂා කොට ඇති සිතින් සමන්වාගත වෙයි. මහණෙනි, මහණ ඒකාරක්ඛ වෙයි.
4. මහණෙනි, කිසෙයින් මහණ චතුරාපස්සේන වෙයි ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් සලකා එකක් සෙවුනේ ය. නුවණින් සලකා එකක් ඉවසන්නේ ය. නුවණින් සලකා එකක් හරණේ ය. නුවණින් සලකා එකක් දුරලන්නේ ය. මහණෙනි, මෙසේ චතුරාපස්සේන වෙයි.
5. මහණෙනි, කිසෙයින් මහණ පනුණ්නපච්චේකසච්ච වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට බොහෝ මහණ බමුණන්ගේ යම් ඒ බොහෝ ප්රත්යෙකසත්යයෝ වෙත් ද, ඒ කිසේ ය: ලෝකය ශාස්වතය කියා වේ වයි, ලෝකය අශාශ්වතය කියා වේවයි, ලෝකය අන්තවත්ය කියා වේවයි, ලෝකය අනන්තවත්ය කියා වේවයි, එයම ජීවය එය ම ශරීරය වෙයි කියා වේවයි, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙක කියා වේවයි, සත්ත්ව තෙමේ මරණින් මතු (පුනර්භව විසින්) වේ ය කියා වේවයි, සත්ත්ව තෙමේ මරණින් මතු නො වේ ය කියා වේවයි, සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේ ය නොවන්නේ ය කියා වේවයි, සත්ත්ව තෙමේ මරණින් මතු නොම වෙයි නොවන්නේ නොම වෙයි කියා වේවයි, ඒ හැම බැහැර ලූවාහු මොනොවට බැහැර ලූවාහු ත්යක්ත වූවාහු වාන්ත වූවාහු මුක්ත වූවාහු ප්රහීණ වූවාහු ප්රතිනිස්සෘෂ්ට වූවාහු වෙති. මහණෙනි, මෙසේ මහණ පනුණ්ණපච්චේකසච්ච වෙයි.
6. මහණෙනි, කිසෙයින් මහණ සමවයසට්ඨෙසන වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුට කාමේසනා ප්රහීණ වෙයි. භවේසනා ප්රහීණ වෙයි, බ්රහ්මචර්ය්යෙසනා ප්රතිප්රශ්රබ්ධ ය, මහණෙනි, මෙසේ මහණ සමවයසට්ඨෙසන වෙයි.
7. මහණෙනි, මහණ කිසෙයින් අනාවිල සඞ්කප්ප වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ කාමසඞ්ල්පය ප්රහීණ වෙයි, ව්යාපදසඞ්කල්පය ප්රහීණ වෙයි, විහිංසා සංකල්පය ප්රහීණ වෙයි. මහණෙනි, මෙසේ මහණ අනාවිල සඞ්කප්ප වෙයි.
8. මහණෙනි, කිසෙයින් මහණ පස්සද්ධකාය සඞ්ඛාර වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද ප්රහාණයෙන් දුඃඛයාගේ ද ප්රහාණයෙන් පළමු වැ සොම්නස් දොම්නසුන්ගේ අස්තගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්ෂා පාරිශුද්ධි ඇති චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ පස්සද්ධකායසඞ්ඛාර වෙයි.