10. 1. 1. 9.
සන්තවිමොක්ඛ සූත්රය
[සැවැත් නුවර]
මහණෙනි, භික්ෂු සැදැහැතියේත් වෙයි, නො ද සිල් ඇතියේ වෙයි ... සිල් ඇතියේත් නො ද බහුශ්රුත වෙයි ... බහුශ්රුත වූයේත් නො ද ධර්මකථික වෙයි ... ධර්මකථික වූයේත් නො ද පරිසාවචර වෙයි ... පරිසාවචර වූයේත් නො ද විසාරද වූයේ පිරිස්හි දහම් දෙසයි ... විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසයි ... නො ද විනයධර වෙයි ... විනයධර වූයේත් ප්රාන්ත සෙනසුන් ඇති ආරණ්යක නො ද වෙයි ... ප්රාන්ත සෙනසුන් ඇති ආරණ්යක වූයේත් රූපයන් ඉක්ම ආරූප්ය වූ යම් ඒ ශාන්ත විමෝක්ෂ කෙනෙක් වෙත් නම් උන් කයින් පැහැස නො ද වෙසෙයි ... රූපයන් ඉක්ම සිටුනා ආරූප්ය වූ යම් ඒ ශාන්ත විමෝක්ෂ කෙනෙක් වෙත් නම් උනුදු නාමකයින් පැහැස වෙසෙයි. ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ චේතෝවිමුක්ති ප්රඥාවිමුක්ති දිටුදැමියෙහි තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වාසය නො කෙරෙයි. මෙසේ හේ එඅඟින් අපරිපූර්ණ වෙයි.
ඔහු විසින් එ අංගය පිරිය යුතු, කිසෙයින් මම් සැදැහැතියෙම් සිල් ඇතියෙම් බහුශ්රුත වූයෙම් ධර්මකථික ද වූයෙම් පරිසාවචර ද වූයෙම් විසාරද ව පිරිස්හි දහම් දෙසනුයෙම් විනයධර වූයෙම් ප්රාන්ත සෙනසුන් ඇති ආරණ්යක ද වූයෙම් රූපාවචර ධ්යානයන් ඉක්ම සිටුනා ආරූප්ය වූ යම් ඒ ශාන්ත විමෝක්ෂ කෙනෙක් වෙත් නම් උනුදු කයින් පැහැස වසනුයෙම් ආස්රවයන්ගේ ක්ෂයයෙන් අනාස්රව වූ චිත්තවිමුක්තිය ප්රඥාවිමුක්තිය තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාසය කරන්නෙම් දැ’යි.
මහණෙනි, මහණ යම් කලෙක සැදැහැතියේත්, සිල් ඇතියේත් වේ ද, බහුශ්රුත වූයේත් වේද, ධර්මකථිකත් වේ ද, පරිසාවචර වූයේත් වේ ද, විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසා ද, විනයධර වූයේත් වේ ද, ප්රාන්ත සෙනසුන් ඇති ආරණ්යක වූයේත්, රූපධ්යානයන් ඉක්ම සිටුනා අරූපධ්යාන වූ යම් ඒ ශාන්ත විමෝක්ෂ කෙනෙක් වෙත් නම් ඔවුනුදු නාමකයින් පැහැස වාසය කෙරේ ද, ආස්රවයන්ගේ ක්ෂයයෙන් අනාස්රව චිත්තවිමුක්ති ප්රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කෙරේ ද, මෙසේ හේ ඒ අඟින් පරිපූර්ණ වෙයි. මහණෙනි, මේ දශධර්මයෙන් සමන්වාගත මහණ සමන්තපාසාදික ද වේ යයි.
සන්තවිමොක්ඛ සූත්රය නමවැනි යි.
10. 1. 1. 10.
විජ්ජා සූත්රය
[සැවැත් නුවර]
මහණෙනි, මහණ සැදැහැතියේත් වෙයි, නො ද සිල්වත් වෙයි. මෙසේ හේ එ අංගයෙන් අපරිපූර්ණ වෙයි. ඔහු විසින් එ අංගය පිරිය යුතු. කිසෙයින් මම් සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වන්නෙම් දැ’යි.
මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද, මෙසේ හේ එඅඟින් පරිපූර්ණ වෙයි.
මහණෙනි, මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත් වෙයි. නො ද බහුශ්රුත වෙයි ... බහුශ්රුත වූයේත් නො ද ධර්මකථික වෙයි ... ධර්මකථික ද වෙයි, පරිසාවචර නො වෙයි ... පරිසාවචර ද වෙයි. විසාරද වූයේ පිරිස් දහම් නො ද දෙසයි … විසාරද වූයේ පිරිස්හි දහම් ද දෙසයි, නො ද විනයධර වෙයි ... විනයධර වූයේත් අනේකවිහිත පූර්වනිවාසයන් නො ද සිහිකෙරෙයි. එනම් එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්වනිවාසයන් සිහි කරයි … අනේකවිහිත පූර්වනිවාසයන් ද සිහි කරයි. එනම්, එක් දැයකුදු, දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිහිත පූර්වනිවාසයන් සිහි කරයි. විසුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම් වූ පරිදි යන සත්ත්වයන් නො ද දක්නේ යි ... විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් ... කම්වූ පරිදි යන සත්ත්වයන් දක්නේ ය. ආස්රවක්ෂයෙන් ... සාක්ෂාත් කොට එයට පැමිණ නො ද වාසය කරයි. මෙසේ එඅඟින් අපරිපූර්ණ වෙයි.