10. 1. 1. 8.
සද්ධ සූත්රය
[සැවැත් නුවර]
මහණෙනි, භික්ෂු සැදැහැතියේත් වෙයි සිල්වත් නො ද වෙයි, මෙසේ හේ ඒ අංගයෙන් අපරිපූර්ණ වෙයි. උහු විසින් ඒ අංගය පිරිය යුතු. “කිසෙයින් මම් සැදැහැතියෙම් ද, සිල් ඇතියෙම් ද වන්නෙම් දැ”යි, මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද මෙසේ ඒ අංගයෙන් පරිපූර්ණ වෙයි.
මහණෙනි, භික්ෂු සැදැහැතියේත් වෙයි සිල් ඇතියේත් වෙයි. නො ද බහුශ්රුත වෙයි ... බහුශ්රුත ද වෙයි. ධර්මකථික නො ද වෙයි ... ධර්මකථික වෙයි. පරිසාවචර නො ද වෙයි ... පරිසාවචර වූයේත් විසාරද ව පිරිස්හි නො ද දහම් දෙසයි ... විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසයි ... නො ද විනයධර වෙයි ... විනයධර ද වෙයි ප්රාන්තසෙනසුන් ඇති ආරණ්යක නො වෙයි ... ප්රාන්තසෙනසුන්හි යෙදුනු ආරණ්යක වූයේත්, ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සිවුදැහැන් නිකාමලාභියෙක් අකිච්ඡලාභියෙක් අකසිරලාභියෙක් නො ද වෙයි ... ආභිචේතසික, දිට්ඨධම්මසුඛවිහාර වූ සිවුදැහැන් නිකාමලාභියෙක් අකිච්ඡලාභියෙක් අකසිරලාභියෙක් ද වෙයි. ආස්රවක්ෂයයෙන් අනාස්රව චිත්තවිමුක්තිය හා ප්රඥාවිමුක්තිය දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ නො වෙසෙයි.
මෙසේ හේ ඒ අංගයෙන් අපරිපූර්ණ වෙයි. ඔහු විසින් ඒ අංගය පිරිය යුතු වෙයි. “කිසෙයින් මම් සැදැහැතියෙම් ද සිල්ඇතියෙම් ද බහුශ්රැතයෙම් ද ධර්මකථිකයෙම් ද වන්නෙම් ද, පරිසාවචරයෙම් ද විසාරද ව පිරිස් හි දහම් දෙසන්නෙම් ද විනයධර වූයෙම් ප්රාන්තසෙනසුන් ඇතියෙම් ආරණ්යක ද වූයෙම් ආභිචේතසික වන දිට්ඨධම්මසුඛවිහාර වන සිවුදැහැන් නිකාමලාභියෙම් අකිච්ඡලාභියෙම් අකසිරලාභියෙම් වන්නෙම් ද ආස්රවයන්ගේ ක්ෂයයෙන් අනාස්රව චිත්තවිමුක්ති ප්රඥාවිමුක්ති දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාසය කරන්නෙම් දැ යි.
මහණෙනි, යම් කලෙක පටන් මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් බහුශ්රුත වූයේත් ධර්මකථික වූයේත් පරිසාවචර වූයේත් විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසාද විනයධර වූයේත් ආරණ්යක වූයේ ප්රාන්තසේනාසන ඇතියේත් ආභිචේතසික දිට්ඨධම්මසුඛවිහාර සතරධ්යානයන්ගේ නිකාමලාභියෙක් අකිච්ඡලාභියෙක් අකසිරලාභියෙක් වේ ද, ආස්රවයන්ගේ ක්ෂයයෙනුදු අනාශ්රව වූ චිත්තවිමුක්තිය ප්රඥාවිමුක්තිය දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාසය කෙරේ ද, මෙසේ හේ එඅඟින් පරිපූර්ණ වේය යි.
මහණෙනි, මේ දසදහමින් සමන්වාගත මහණ සමන්තපාසාදික ද වෙයි. සර්වාකාර පරිපූර්ණ ද වෙයි.
10. 1. 1. 9.
සන්තවිමොක්ඛ සූත්රය
[සැවැත් නුවර]
මහණෙනි, භික්ෂු සැදැහැතියේත් වෙයි, නො ද සිල් ඇතියේ වෙයි ... සිල් ඇතියේත් නො ද බහුශ්රුත වෙයි ... බහුශ්රුත වූයේත් නො ද ධර්මකථික වෙයි ... ධර්මකථික වූයේත් නො ද පරිසාවචර වෙයි ... පරිසාවචර වූයේත් නො ද විසාරද වූයේ පිරිස්හි දහම් දෙසයි ... විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසයි ... නො ද විනයධර වෙයි ... විනයධර වූයේත් ප්රාන්ත සෙනසුන් ඇති ආරණ්යක නො ද වෙයි ... ප්රාන්ත සෙනසුන් ඇති ආරණ්යක වූයේත් රූපයන් ඉක්ම ආරූප්ය වූ යම් ඒ ශාන්ත විමෝක්ෂ කෙනෙක් වෙත් නම් උන් කයින් පැහැස නො ද වෙසෙයි ... රූපයන් ඉක්ම සිටුනා ආරූප්ය වූ යම් ඒ ශාන්ත විමෝක්ෂ කෙනෙක් වෙත් නම් උනුදු නාමකයින් පැහැස වෙසෙයි. ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ චේතෝවිමුක්ති ප්රඥාවිමුක්ති දිටුදැමියෙහි තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වාසය නො කෙරෙයි. මෙසේ හේ එඅඟින් අපරිපූර්ණ වෙයි.
ඔහු විසින් එ අංගය පිරිය යුතු, කිසෙයින් මම් සැදැහැතියෙම් සිල් ඇතියෙම් බහුශ්රුත වූයෙම් ධර්මකථික ද වූයෙම් පරිසාවචර ද වූයෙම් විසාරද ව පිරිස්හි දහම් දෙසනුයෙම් විනයධර වූයෙම් ප්රාන්ත සෙනසුන් ඇති ආරණ්යක ද වූයෙම් රූපාවචර ධ්යානයන් ඉක්ම සිටුනා ආරූප්ය වූ යම් ඒ ශාන්ත විමෝක්ෂ කෙනෙක් වෙත් නම් උනුදු කයින් පැහැස වසනුයෙම් ආස්රවයන්ගේ ක්ෂයයෙන් අනාස්රව වූ චිත්තවිමුක්තිය ප්රඥාවිමුක්තිය තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාසය කරන්නෙම් දැ’යි.