10. 1. 1. 6.
සමාධි සූත්රය
[සැවැත් නුවර]
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියහ, පැමිණ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ, එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, යම්සේ පඨවිකසිණයෙහි පෘථිවිසංඥා ඇති නො ම වේ නම්, මහණහට එබඳු සමාධිප්රතිලාභයෙක් වන්නේ ද? ආපෝකසිණයෙහි අප්සංඥා ඇති නොවේ නම්, තේජෝකසිණයෙහි තෙජඃසංඥා ඇති නොවේ නම්, වායෝකසිණයෙහි වායුසංඥා ඇති නොවේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නොවේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නොවේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා ඇති නො වේ නම් මෙ ලොව්හි මෙලෝ යන සංඥා ඇති නො වේ නම්, පරලොව්හි පරලෝ යන සංඥා ඇති නොවේ නම්, එබඳු සමාධි ප්රතිලාභයෙක් මහණහට වන්නේ ද? යළි සංඥා ඇතියේත් වන්නේදැ යි?
ආනන්දයෙනි, යම්සේ පඨවිකසිණයෙහි පෘථිවිසංඥා නො වේ නම්, මහණහට එබඳු සමාධි ප්රතිලාභයෙක් වන්නේ යැ, ආපෝ කසිණයෙහි ආපෝ ඇති සංඥා නො වේ නම්, තේජෝ කසිණයෙහි තෙජඃසංඥා ඇති නො වේ නම්, වායෝ කසිණ සමාපත්තියෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා ඇති නො වේ නම්, පරලොව්හි පරලෝ සංඥා ඇති නොවේ නම්, මහණහට එබඳු සමාධිප්රතිලාභයෙක් වන්නේ යැ. යළි සංඥා ඇතියේත් වන්නේයි.
වහන්ස, කිසෙයින් පඨවිකසිණයෙහි පෘථිවිසංඥා නො ම ඇති වේ නම්, අපොකසිණයෙහි අප්සංඥා ඇති නොවේ නම්, තේජෝකසිණයෙහි තේජස්සංඥා ඇති නො වේ නම්, වායොකසිණයෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නොවේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා ඇති නො වේ නම්, පරලොව්හි පරලෝ සංඥා ඇති නොවේ නම්, මහණහට එබඳු සමාධිප්රතිලාභයෙක් වන්නේ ද? යළි සංඥා ඇතියේත් වන්නේ ද? යි.
ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ මෙ බඳු සංඥා ඇතියේ වෙයි: “යම් සර්වසංස්කාරයන්ගේ සමථයෙක් සර්වොපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණාක්ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්වාණයෙක් වේ නම් තෙල ශාන්ත යැ, තෙල ප්රණීත යැ”යි. ආනන්දයෙනි, මෙසෙයින් යම් සේ පඨවිකසිණයෙහි පෘථිවිසංඥා ඇතියේ නො ම වේ නම්, අපොකසිණයෙහි අප්සංඥා නැතියේ වේ නම්, තේජෝකසිණයෙහි තේජස්සංඥා නැතියේ වේ නම්, වායොකසිණයෙහි වායුසංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා නැතියේ වේ නම්, පරලොව්හි පරලෝ සංඥා නැතියේ වේ නම්, එතෙකුදුවත් සංඥීත් වේ නම් මෙසේ මහණහට එබඳු සමාධිප්රතිලාභයෙක් වන්නේ යි.
10. 1. 1. 7.
සාරිපුත්ත සූත්රය
[සැවැත් නුවර]
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ:
ඇවැත් සාරිපුත්රයෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, ආපයෙහි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස් සංඥා නැතියේ වේ නම්, වායුයෙහි වායුසංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, මෙ ලොව්හි මෙලෝ යන සංඥා නැතියේ වේ නම්, පරලොව්හි පරලෝ සංඥා නැතියේ වේ නම්, එතෙකුදුවත් සංඥීත් වේ නම් මෙසේ මහණහට එබඳු සමාධිප්රතිලාභයෙක් වන්නේ වේ දැ යි.