10. 1. 1. 5.
තතිය උපනිස සූත්රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මහණුන් ඇමතූහ: ‘ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්රතිසාරය නටඋපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය නැතිවත් ම අවිප්රතිසාරයවිපන්නහට ප්රාමෝද්ය නටඋපනිඃශ්රය ඇති වෙයි. ප්රාමෝද්ය නැතිවත් ම ප්රමෝද්යවිපන්නහට ප්රීතිය නටඋපනිඃශ්රය ඇති වෙයි. ප්රීතිය නැතිවත් ම ප්රීතිවිපන්නහට ප්රශ්රබ්ධිය නටඋපනිඃශ්රය ඇති වෙයි. ප්රශ්රබ්ධිය නැතිවත් ම ප්රශ්රබ්ධිවිපන්නහට සුඛය නටඋපනිඃශ්රය ඇති වෙයි. සුඛය නැතිවත් ම සුඛවිපන්නහට සම්මාසමාධිය නටඋපනිඃශ්රය ඇති වෙයි.
සම්මාසමාධිය නැතිවත් ම සම්මාසමාධිවිපන්නහට යථාභූතඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇති වෙයි. යථාභූතඥානදර්ශනය නැතිවත් ම යථාභූතඥානදර්ශනවිපන්නහට නිබ්බිදාවිරාගය නටඋපනිඃශ්රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නිබ්බිදාවිරාගවිපන්නහට විමුක්තිඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇති වේ.
ඇවැත්නි, යම් සේ ශාඛාපලාශවිපන්න වෘක්ෂයෙක් වේ ද, එහි පිට පොතුදු පිරිපුන්බවට නොයෙයි, ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන්බවට නොයේ, ඇවැත්නි, එසෙයින් ම ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්රතිසාරය නටඋපනිඃශ්රය ඇති වෙයි. අවිප්රතිසාරය නැතිවත් ම ... විමුක්තිඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇති වේ.
ඇවැත්නි, සිල්සපන් සිල්වත්හට අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත් ම අවිප්රතිසාරසම්පන්නහට ප්රාමෝද්යය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රාමෝද්යය ඇතිවත් ම ප්රාමෝද්යයසම්පන්නහට ප්රීතිය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රීතිය ඇතිවත් ම ප්රීතිසම්පන්නහට ප්රශ්රබ්ධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රශ්රබ්ධිය ඇතිවත් ම ප්රශ්රබ්ධිසම්පන්නහට සුඛය උපනිඃශ්රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නහට සම්මා සමාධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. සම්මාසමාධිය ඇතිවත් ම සම්මාසමාධිසම්පන්නහට යථාභූතඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්ශනය ඇතිවත් ම යථාභූතඥානදර්ශනසම්පන්නහට නිබ්බිදාවිරාගය උපනිඃශ්රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නහට විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වේ.
ඇවැත්නි, යම් සේ ශාඛාපලාශයෙන් යුක්ත වෘක්ෂයෙක් වේ නම්, එහි පිට පොතුදු පිරිපුන් බවට යෙයි. ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන්බවට යෙයි. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන්සිල්වත්හට අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත් ම අවිප්රතිසාරසම්පන්නහට ... විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වේ යි.