10. 1. 1. 4.
දුතිය උපනිස සූත්රය
[සැවැත් නුවර]
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මහණුන් ඇමතූහ: ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්රතිසාරය නටඋපනිඃශ්රය ඇති වෙයි, අවිප්රතිසාරය නැතිවත් ම අවිප්රතිසාරයවිපන්නහට ... විමුක්තිඥානදර්ශන නටඋපනිඃශ්රය ඇති වේ.
ඇවැත්නි, යම් සේ රුකෙක් නට අතුකොළ ඇත්තේ වේ ද, එහි පිට පොතුදු පිරිපුන් බවට නොයෙයි. ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන් බවට නො යේ. ඇවැත්නි, එපරිදි ම ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්රතිසාරය නටඋපනිඃශ්රය ඇත්තේ වෙයි, අවිප්රතිසාරය නැතිවත් ම ... විමුක්තිඥානදර්ශන නටඋපනිඃශ්රය ඇත්තේ වේ.
ඇවැත්නි, සිල්සපන් සිල්වත්හට අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත් ම අවිප්රතිසාරයසම්පන්නහට ... විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වේ.
ඇවැත්නි, යම්සේ රුකෙක් ශාඛාපලාශසම්පන්න වේ ද, එහි පිට පොතුදු පිරිපුන් බවට යෙයි. ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන් බවට යේ. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හට අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත්ම අවිප්රතිසාරසම්පන්නහට ... විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වේ යි.
10. 1. 1. 5.
තතිය උපනිස සූත්රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මහණුන් ඇමතූහ: ‘ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්රතිසාරය නටඋපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය නැතිවත් ම අවිප්රතිසාරයවිපන්නහට ප්රාමෝද්ය නටඋපනිඃශ්රය ඇති වෙයි. ප්රාමෝද්ය නැතිවත් ම ප්රමෝද්යවිපන්නහට ප්රීතිය නටඋපනිඃශ්රය ඇති වෙයි. ප්රීතිය නැතිවත් ම ප්රීතිවිපන්නහට ප්රශ්රබ්ධිය නටඋපනිඃශ්රය ඇති වෙයි. ප්රශ්රබ්ධිය නැතිවත් ම ප්රශ්රබ්ධිවිපන්නහට සුඛය නටඋපනිඃශ්රය ඇති වෙයි. සුඛය නැතිවත් ම සුඛවිපන්නහට සම්මාසමාධිය නටඋපනිඃශ්රය ඇති වෙයි.
සම්මාසමාධිය නැතිවත් ම සම්මාසමාධිවිපන්නහට යථාභූතඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇති වෙයි. යථාභූතඥානදර්ශනය නැතිවත් ම යථාභූතඥානදර්ශනවිපන්නහට නිබ්බිදාවිරාගය නටඋපනිඃශ්රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නිබ්බිදාවිරාගවිපන්නහට විමුක්තිඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇති වේ.
ඇවැත්නි, යම් සේ ශාඛාපලාශවිපන්න වෘක්ෂයෙක් වේ ද, එහි පිට පොතුදු පිරිපුන්බවට නොයෙයි, ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන්බවට නොයේ, ඇවැත්නි, එසෙයින් ම ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්රතිසාරය නටඋපනිඃශ්රය ඇති වෙයි. අවිප්රතිසාරය නැතිවත් ම ... විමුක්තිඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇති වේ.
ඇවැත්නි, සිල්සපන් සිල්වත්හට අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත් ම අවිප්රතිසාරසම්පන්නහට ප්රාමෝද්යය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රාමෝද්යය ඇතිවත් ම ප්රාමෝද්යයසම්පන්නහට ප්රීතිය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රීතිය ඇතිවත් ම ප්රීතිසම්පන්නහට ප්රශ්රබ්ධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රශ්රබ්ධිය ඇතිවත් ම ප්රශ්රබ්ධිසම්පන්නහට සුඛය උපනිඃශ්රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නහට සම්මා සමාධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. සම්මාසමාධිය ඇතිවත් ම සම්මාසමාධිසම්පන්නහට යථාභූතඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්ශනය ඇතිවත් ම යථාභූතඥානදර්ශනසම්පන්නහට නිබ්බිදාවිරාගය උපනිඃශ්රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නහට විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වේ.
ඇවැත්නි, යම් සේ ශාඛාපලාශයෙන් යුක්ත වෘක්ෂයෙක් වේ නම්, එහි පිට පොතුදු පිරිපුන් බවට යෙයි. ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන්බවට යෙයි. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන්සිල්වත්හට අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත් ම අවිප්රතිසාරසම්පන්නහට ... විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වේ යි.