අත්‍ථවසප්පකරණය
1. කරුණු දසයක් පිණිස තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයනට ශික්‍ෂාපද පණවන ලදි: සඞ්ඝයාගේ මනාබව පිණිස යැ, සඞ්ඝයාගේ පහසු බව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස යැ, දිටුදැමියෙහි විඳිය යුතු දුක්ගැහැට වැළක්ම පිණිස යැ, පරලෙව්හි විඳිය යුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන්වූවන් හෝ පහදනා පිණිස යැ, පහන්වූවන් හෝ වැඩියක් පහදනා පිණිස යැ, තුන් සසුනේ පැවැත්ම පිණිස යැ, විනයට රුකුල් පිණිස යි.
2. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය සඞ්ඝයාගේ පහසුව පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය දුසිල් පුඟුලන්ගේ නිගැන්ම පිණිස වෙයි. යමක් දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වෙයි. යමක් ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වේ ද, එය පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වෙයි. යමක් පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් නො පහන්වූවන් පහදනා පිණිස වේ ද, එය පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වෙයි. යමක් තුන් සසුන් පැවැත්ම පිණිස වේ ද, එය විනයට රුකුල් පිණිස වේ.
3. යමක් සඞ්ඝයාගේ මනාබව වේ ද, එය සඞ්ඝයාගේ පහසුව පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනා බව පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය විනයට රුකුල් පිණිස වේ.
4. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසුව පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේද, එය පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය පහන් වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව වේ ද, එය විනයට රුකුල් පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය සඞ්ඝයාගේ මනා බව පිණිස වේ.
5. යමක් දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වේ ද ... යමක් ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වේ ද ... යමක් දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළැක්ම පිණිස වේ ද ... යමක් පරලොව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වේ ද ... යමක් නො පහන්වූවන් පැහැදීම පිණිස වේ ද ... යමක් පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වේ ද ... යමක් තුන් සසුන් පැවැත්ම පිණිස වේ ද ...
6. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය සඞ්ඝයාගේ මනාබව පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය සඞ්ඝයාගේ පහසුව පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක්ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය පරලෙව්හි වින්ද යුතු දුක්ගැහැට නැසීම පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය පහන් වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වේ.
අර්‍ත්‍ථවශප්‍රකරණයෙහි (සඞ්ඝසුට්ඨු යනාදි දශයෙහි දසවර බැගින්) අර්‍ත්‍ථශතයෙක් ද, ධර්‍මශතයෙක් ද නිරුක්තීන්ගේ වශයෙන් ද්විශතයෙක් දැයි සතර ඥාන ශතයෙක් වේ.
අත්‍ථවස ප්‍රකරණය නිමි.
මහාවර්‍ගය නිමියේ යි.
එහි නාමාවලිය:
1. භික්‍ෂු විභඞ්ගයෙහි පළමු වැ පුච්ජාවාර අට යැ නැවත පච්චයවාර අට යැයි භික්‍ෂූන් පිළිබඳ සොළොස ද භික්‍ෂුණීවිභඞ්ගයෙහි සොළොස දැයි මොහු වෙත්.
2. අන්තරපෙය්‍යාල යැ (සමථ) භේද යැ ඒකුත්තරික නය යැ පවාරණ යැ අත්‍ථවස යැයි මහාවර්‍ගයාගේ සඞ්ග්‍රහය වේ.