විස්සජ්ජනය
1. උපෝසථ කර්මයෙහි ආදිය කවරෙ යැ, මධ්යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: සාමග්ගිය උපෝසථ කර්මයෙහි ආදිය වෙයි, (පාමොක් දෙසීම්) ක්රියාව මධ්යය වෙයි, (පාමොක්) නිමාව අවසානය වේ.
2. පවාරණ කර්මයෙහි ආදිය කවරෙ යැ, මධ්යය කවරෙ යැ, අවසානය කවරෙ යත්: සාමග්ගිය පවාරණ කර්මයෙහි ආදිය වෙයි, (පවාරණ ඤත්ති පවාරණ කථා සංඛ්යායාත) ක්රියාව මධ්යය වෙයි, (සඞ්ඝ නවකයා ගේ “පස්සන්තෝ පටිකරිස්සාමි” යන වචන සංඛ්යායාත) නිමාව අවසානය වේ.
3. තජ්ජනීය කර්මයෙහි ආදිය කවරෙ යැ, මධ්යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: වස්තුව ද පුද්ගලයා ද තජ්ජනීය කර්මයෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්යය වෙයි, කර්මවාක්යය අවසානය වේ.
4. නියස්ස කර්මයෙහි ... පබ්බාජනීය කර්මයෙහි ... පටිසාරණීය කර්මයෙහි ... උක්ඛේපනීය කර්මයෙහි ... පරිවාසදානයෙහි ... මූලායපටිකස්සනයෙහි ... මානත්තදානයෙහි ... අබ්භාන කර්මයෙහි ...
5. උපසම්පදා කර්මයෙහි ආදිය කවරෙ යැ, මධ්යය කවරෙ යැ, අවසානය කවරෙ යැ, යත්: පුද්ගලයා උපසම්පදා කර්මයෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්යය වෙයි, කර්මවාක්යය අවසානය වේ.
6. තජ්ජනීය කර්මයාගේ සන්හිඳීමෙහි ආදිය කවරෙ යැ, මධ්යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: මනා පැවැත්ම තජ්ජනීය කර්මයාගේ සන්හිඳීමෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්යය වෙයි, කර්ම වාක්යය අවසානය වේ.
7. නියස්ස කර්මයාගේ ... පබ්බාජනීය කර්මයාගේ ... පටිසාරණීය කර්මයාගේ ... උක්ඛේපනීය කර්මයාගේ සන්හිඳීමෙහි ආදිය කවරෙ යැ මධ්යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: මනා පැවැත්ම උක්ඛේපනීය කර්මයාගේ සන්හිඳීමෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්යය වෙයි, කර්ම වාක්යය අවසානය වේ.
8. සතිවිනයෙහි ආදිය කවරෙ යැ, මධ්යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: වස්තුව ද පුද්ගලයා ද සතිවිනයෙහි ආදිය වෙයි, ඤත්තිය මධ්යය වෙයි, කර්ම වාක්යය අවසානය වේ.
9. අමූළ්හවිනයෙහි ... තස්සපාපියාපසිකාවෙහි ... තිණවත්ථාරකයෙහි ... භික්ඛුනෝවාදකසම්මුතියෙහි ... තිචීවරඅවිප්පවාසසම්මුතියෙහි ... සන්ථත සම්මුතියෙහි ... රූපියඡඩ්ඩකසම්මුතියෙහි ... සාටියගාහාපකසම්මුතියෙහි ... පත්තගාහාපකසම්මුතියෙහි ... දණ්ඩසම්මුතියෙහි ... සික්කාසම්මුතියෙහි ... දණ්ඩසික්කාසම්මුතියෙහි ආදිය කවරෙ යැ, මධ්යය කවරෙ යැ, අවසානය කවරෙ යැ යත්: වස්තුව ද පුද්ගලයා ද දණ්ඩසික්කාසම්මුතියෙහි ආදිය වෙයි. ඤත්තිය මධ්යය වෙයි, කර්මවාක්යය අවසානය වේ.
විස්සජ්ජනය නිමි.
උපෝසථාදිපුච්ඡාවිස්සජ්ජනා නිමි.