සප්තකය
1. ආපත්ති සතෙකැ, ආපත්තිස්කන්ධ සතෙකැ, විනීතවස්තු සතෙකැ, සාමීචි සතෙකැ, නො දැහැමි පටිඤ්ඤාතකරණ සතෙකැ, දැහැමි පටිඤ්ඤාතකරණ සතෙකැ, සත් දෙනකුන් සඳහා සත්තාහකරණීයයෙන් යාමෙහි ඇවැත් නො වෙයි, විනයධරයා කෙරෙහි අනුසස් සතෙකැ, පරම සතෙකැ සත්වන අරුණ නැගීමෙහි නිසගි වෙයි. සමථ සතෙකැ, කර්ම සතෙකැ, අමුධාන්ය සතෙකැ, සරස ඇතුළත සත් වියතෙකැ, ගණභෝජනයෙහි අනුප්රඥප්ති සතෙකැ, බෙහෙත් පිළිගෙන සත් දිනක් පරම කොට තබා වැළඳිය යුතුය, කළ සිවුර ගෙණ නික්මෙයි යන සතෙකැ, කළ සිවුර මොනවට ගෙණ නික්මෙයි යන සතෙකැ, මහණහට දැක්කයුතු ඇවැතෙක් නො වෙයි යන සතෙකැ, මහණහට දැක්කයුතු ඇවැතෙක් වෙයි යන සතෙකැ, මහණහට පිළියම් කළයුතු ඇවැතෙක් වෙයි යන සතෙකැ, නො දැහැමි පාමොක් තැබීම් සතෙකැ, දැහැමි පාමොක් තැබීම් සතෙකි.
2. අඞ්ග සතෙකින් යුක්ත මහණ විනයධර වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, සිල්වත් වූයේ ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වැ ආචාරගෝචර සම්පන්න වූයේ අණුමාත්ර වද්යයෙහි භය දක්නා සුලු වැ වාස කෙරෙයි, ශික්ෂාපදයන් සමාදන් වැ ගෙන වාස කෙරෙයි, අභිචිත්තයෙහි උපන් ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර ධාන්යයන් කැමැතිසේ රිසිසේ නිදුකින් ලබන සුලු වෙයි, ආස්රවයන් ක්ෂය වීමෙන් අනාස්රව වූ අර්හත් ඵලසමාධිය ද අර්හත්ඵලප්රඥාවද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ යයි.
3. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත මහණ විනයධර වෙයි: ඇවැත් දනියි, නො ඇවැත් දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, බොහෝ ඇසූ තැන් ඇතියේ ඇසූ දේ දරනුයේ ඇසූ දේ රැස්කරන්නේ වෙයි, යම් ධර්ම කෙනෙක් ආදිකල්යාණ මජ්ඣෙකල්යාණ පරියොසානකල්යාණ වෙත් ද සාර්ත්ථ සව්යඤ්ජන කේවල පරිපූර්ණ වූවාහු වෙත් ද පරිශුද්ධ වූ මාර්ගබ්රහ්මචර්ය්යය ප්රකාශ කෙරෙත් ද, එබඳු ඒ ධර්මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් සලකා බලන ලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදින ලද්දාහු වෙත්. උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ ඇති සතර ධ්යානයන් කැමැති සේ ලැබීම් ඇත්තේ සුවසේ ලැබීම් ඇත්තේ මහත්සේ ලැබීම් ඇත්තේ වෙයි. ආස්රවයන්ගේ ද ක්ෂය වීමෙන් ආස්රව රහිත වූ අර්හත්ඵල සමාධිය ද අර්හත්ඵල ප්රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වෙසේ.
4. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත මහණ විනයධර වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනී. සූත්ර වශයෙන් ද අනුව්යඤ්ජන වශයෙන් ද විස්තර වශයෙන් ඔහු විසින් උභය ප්රාතිමෝක්ෂය මොනොවට පුහුණු කරන ලද, මොනොවට බෙදන ලද, මොනොවට පවත්වන ලද, මොනොවට විනිශ්චය කරන ලද වෙයි. උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර ධ්යානයන් කැමැති සේ රිසි සේ නිදුකින් ලබන සුලු වෙයි, ආස්රවයන් ක්ෂය වීමෙන් අනාස්රව වූ අර්හත්ඵල සමාධිය ද අර්හත්ඵල ප්රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ යයි.
5. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ මහණ විනයධර වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, නන් වැදැරුම් වූ පෙරැ විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි: ඒ මෙසේ යැ: එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුණක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දශයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතලිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති ලක්ෂයක් ද නොයෙක් නැසෙන කල්පයන් ද නොයෙක් වැඩෙන කල්පයන් ද නොයෙක් නැසෙන වැඩෙන කල්පයන් ද සිහි කෙරෙයි, “අසෝ තැන මෙබඳු නම් ඇත්තෙම් වීමි, මෙබඳු ගොත් ඇත්තෙම් වීමි, මෙබඳු පැහැ ඇත්තෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සුවදුක් විඳියෙම් වීමි, මෙබඳු ආයු කෙළවර කොට ඇතියෙම් වීමි, ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙම් වෙමි.” යි. මෙසේ ආකාර සහිත වූ විස්තර සහිත වූ නන් වැදැරුම් පෙරැවුසූ කඳපිළිවෙළ සිහි කෙරේ.
පිරිසිදුවූ මිනිසැස ඉක්ම වූ දිවැසින්, චුත වන්නා වූ ද උපදනා වූ ද ලාමක වූ ද උතුම් වූ ද මනා පැහැ ඇත්තා වූ ද නොමනා පැහැ ඇත්තා වූ ද සුගතියට පැමිණියා වූ ද දුගතියට පැමිණියා වූ ද සත්ත්වයන් දකියි, කම් වූ පරිද්දෙන් මියගියා වූ සත්ත්වයන් දනියි: “ඒකාන්තයෙන් මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්යෝපවාද කළාහු මිසදිටු ඇත්තාහු මිසදිටුකම් සමාදන් වූවාහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුගති ඇති විවස වැ පතිත වන නරකයට පැමිණියාහු යැයි ද” මේ භවත් සත්ත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්යෝපවාද නො කළාහු සම්දිටු ඇත්තාහු සම්දිටුකම් සමාදන් වූවාහු කාබුන් මරණින් මතු යහපත් ගති ඇති සගලොවට පැමිණියාහු යැයි ද මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම වූ දිවැසින්, චුතවන්නා වූ ද උපදින්නා වූ ද ලාමක වූ ද උතුම් වූ ද මනා පැහැ ඇත්තා වූ ද නො මනා පැහැ ඇත්තා වූ ද සුගතියට පැමිණියා වූ ද දුගතියට පැමිණියා වූ ද සත්ත්වයන් දකී, කම්වූ පරිද්දෙන් මියගියා වූ ද සත්ත්වයන් දනී.
ආස්රවයන් ක්ෂය වීමෙන් අනාස්රව වූ අර්හත්ඵලසමාධිය ද අර්හත්ඵලප්රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ යයි.
6. අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, සිල්වත් වූයේ ... වාස කෙරෙයි. ශික්ෂාපදයන්හි සමාදන් වැ හික්මෙයි. උතුම් සිත ඇසුරු කළා වූ ඉහාත්මයෙහි සැප විහරණ ඇත්තා වූ සතර ධාන්යයන් කැමැති සේ ලැබීම් ඇත්තේ සුවසේ ලැබීම් ඇත්තේ මහත්සේ ලැබීම් ඇත්තේ වෙයි. ආස්රවයන්ගේ ද ක්ෂය වීමෙන් ආස්රව රහිත වූ අර්හත් ඵලසමාධිය ද අර්හත්ඵලප්රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ.
7. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, බොහෝ ඇසූ තැන් ඇත්තේ වෙයි ... දෘෂ්ටියෙන් මොනොවට අවබෝධ කරණ ලද්දාහු වෙත්. උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ ඇති සතර ධාන්යයන් කැමැති සේ ලැබීම් ඇතියේ සුවසේ ලැබීම් ඇතියේ මහත්සේ ලැබීම් ඇතියේ වෙයි. ආස්රවයන්ගේ ද ක්ෂය වීමෙන් ආස්රව රහිත වූ අර්හත්ඵලසමාධිය ද අර්හත්ඵලප්රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ.