අෂ්ටකය
1. අනුසස් අටක් මැනැවින් දක්නහු විසින් ඒ මහණ ඇවැත් නො දැක්මෙහි උඛෙවුනීකම් නො කටයුතු යැ. අනුසස් අටක් දක්නහු විසින් මෙරමා පිළිබඳ සැදැහැයෙනුදු ඒ ඇවැත දෙසිය යුතු යැ, යාවතතියක ආපත්ති අටෙ කැ. අට අයුරෙකින් කුලදූෂණය කෙරෙයි, සිවුරු ඉපදවීම පිණිස මාතිකා අටෙකැ, කඨිනය ඉදිරීම පිණිස මාතිකා අටෙකැ, පානීය වර්‍ග අටෙකැ, නො දැහැමි කරුණු අටෙකින් මඬනා ලද හාත්පසින් මඩනාලද සිත් ඇති දෙව්දත් අපායෙහි උපදනෙ වෙයි, නිරීසත් වෙයි, කල්පස්ථායී වෙයි, පිළියම් නො කළ හැකියේ ද වේ, ලෝකධර්‍ම අටෙකැ, ගරුධර්‍ම අටෙකැ, පිළිදෙස්නී ඇවැත් අටෙකැ, මුසාවාදය අඞ්ග අටෙකින් සමන්‍වාගත යැ, උපෝසථාඞ්ග අටෙකැ, දූතෙය්‍යඞ්ග අටෙකැ, තීර්‍ත්‍ථකවත් අටෙකැ, මහමුහුදෙහි ආශ්චර්‍ය්‍ය වී අද්භූතධර්‍ම අටෙකැ, මේ සස්නෙහි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම අටෙකැ, නො අයිරිත් අටෙකැ. අයිරිත් අටෙකැ, අටවැනි අරුණ නැඟීමෙහිලා නිසඟි වෙයි, පරිජි අටෙකැ. අටවැනි කරුණ සපුරණ මෙහෙණ (ලිඞ්ගනාසනායෙන්) නැසිය යුත්තී යැ. අටවැනි කරුණ සපුරණ මෙහෙණ විසින් (ඇවැත්) දෙසන ලද නමුදු නො දෙසන ලද වෙයි, (මෙහෙණන්ගේ) උපසපුව අට්ඨවාචිකා නමු, (බොජුන්හලැ මෙහෙණන්) අටදෙනකුන් පිළිබඳ වැ හුනස්නෙන් නැඟී සිටිය යුතුයි, අටදෙනෙකුන්හට අසුන් දිය යුතුයි, (විසාඛා) උවැසි වර අටක් යදියි, අටඟින් යුත් මහණ භික්බුනෝවාදක යැයි සම්මත කටයුතුයි, විනයධරයා කෙරෙහි අනුසස් අටෙකැ. පරම අටෙකැ. තස්සපාපිය්‍යසිකා කර්‍මය කරණ ලද මහණහු විසින් දහම් අටෙක්හි මැනැවින් පැවැතිය යුතුය, නො දැහැමි පාමොක් තැබීම් අටෙකැ, දැහැමි පාමොක් තැබීම් අටෙකි.
අෂ්ටකය නිමි.
එහි නාමාවලිය:
1. “න සො භික්ඛු” යනාදියෙහි දැක්වෙන අනුසස් යැ “පරෙසම්පි” යනාදියෙහි දැක්වෙන අනුසස් යැ යාවතතියක යැ කුලදූෂණ යැ (වීවරොත්පාදනයෙහි), මාතිකා යැ කඨිනෝද්ධාරයෙහි මාතිකා යැ පානීය යැ “අභිභූත” පදය ඇතුළත් කරුණු යැ,
2. ලෝකධර්‍ම යැ ගරුධර්‍ම යැ පිළිදෙස්නී යැ මුසාවාදාඞ්ගයැ උපෝසථාඞ්ග යැ දූතාඞ්ග යැ තීර්‍ත්‍ථකවත් යැ සස්නෙහි අද්භූතධර්‍ම අට යැ මුහුදෙහිදු අද්භූත ධර්‍ම අට යැ.
3. අතිරිත්ත යැ අනතිරිත්ත යැ නිසඟි යැ පරිජි යැ අටවැනි වස්තු යැ අදෙසිතාපත්ති යැ අට්ඨවාචිකා උපසම්පදා යැ,
4. පව්වුට්ඨාන යැ අස්න යැ භික්ඛුනෝවාදකය සමග වර යැ (විනයධර) අනුසස් යැ පරම යැ අට කරුණෙහි සම්මාවත්තනා යැ නො දැහැමි පාමොක් තැබීම් යැ දැහැමි පාමොක් තැබීම් යැයි අෂ්ටකයෝ මැනැවින් වදාරණ ලදහු යි.
නවකය
1. ආඝාතවස්තු නවයෙකැ, ආඝාතපටිවිනය නවයෙකැ, විනීතවස්තු නවයෙකැ, පඨමාපත්තිකාපත්ති නවයෙකැ, නවදෙනකුන් කරණ කොට සඞ්ඝයා බිඳෙයි, ප්‍රණීත භෝජන නවයෙකැ, නවවිධ මාංසයන් කරණ කොට ගෙණ දුකුළා වෙයි, පාමොක් උදෙසීම් නවයෙකැ, පරම නවයෙකැ, තෘෂ්ණාමූලක ධර්‍ම නවයෙකැ, මානයෝ නවවැදැරුම් වෙති, ඉටියයුතු චීවර නවයෙකැ, නො විකපිය යුතු සිවුරු නවයෙකැ, සුගත් වියතින් දිගින් නව වියතෙකැ, නො දැහැමි දන් නවයෙකැ, නො දැහැමි පිළිගැණුම් නවයෙකැ, නො දැහැමි පරිභෝග නවයෙකැ, දැහැමි දන් තුණෙකැ, දැහැමි පිළිගැණුම් තුණෙකැ, දැහැමි පරිභෝග තුණෙකැ, නො දැහැමි හැඟවීම් නවයෙකැ, දැහැමි හැඟවීම් නවයෙකැ, නො දැහැමි කම්හි නවක දෙකෙකැ, දැහැමි කම්හි නවක දෙකෙකැ, නො දැහැමි පාමොක් තැබීම් නවයෙකැ, දැහැමි පාමොක් තැබීම් නවයෙකි.
නවකය නිමි.
එහි නාමාවලිය:
1. ආඝාත වස්තු යැ ආඝාත පටිවිනය යැ විනීතවස්තු යැ පඨමාපත්තිකය සමග සඞ්ඝභේද යැ පණීතභෝජන යැ මංස යැ පාතිමොක්ඛුදෙදස යැ පරම යැ.
2. තාෂ්ණාමූලකධර්‍ම යැ මාන යැ චීවර අධිට්ඨාන යැ විකල්පන යැ නව වියත යැ දාන යැ පටිග්ගහ යැ පරිභෝග යැ ත්‍රිවිධදාන යැ.
3. අධම්මසඤ්ඤත්ති යැ ධම්මසක්ඤ්ඤත්ති යැ අධර්‍මකර්‍ම යැ ධර්‍මකර්‍ම යැ නො දැහැමි පාමොක් තැබීම් යැ දැහැමි පාමොක් තැබීම් යැයි නවකයෝ වෙත්.
දශකය
1. ආඝාතවස්තු දශයෙකැ, ආඝාත ප්‍රතිවිනය දශයෙකැ, විනීත වස්තු දශයෙකැ, දශවස්තුක මිථ්‍යාදාෂ්ටීහු යැ, දශවස්තුක සම්‍යග්දෘෂ්ටීහු යැ, දශ අන්තග්‍රගාහික දෘෂ්ටීහු යැ, මිච්ඡත්ත දශයෙකැ, සම්මත්ත දශයෙකැ, අකුශලකර්‍මපථ දශයෙකැ, කුශල කර්‍මපථ දශයෙකැ, නො දැහැමි ලහගැන්වීම් දශයෙකැ, දැහැමි ලහගැන්වීම් දශයෙකැ. හෙරණුන් පිළිබඳ සිකපද දශයෙකැ, අඞ්ග දසයෙකින් යුත් හෙරණ නැසිය යුතු වේ.
2. අඞ්ග දශයෙකින් යුක්තවූ විනයධර තෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: තමා පිළිබඳ කථාවසානය නො උගණියි, පරා පිළිබඳ කථාවසානය නො උගණියි, තමාගේ කථාවසානයෙහි ගතයුතු තෙපුල නො ඉගෙණ, පරාගේ කථාවසානයෙහි ගතයුතු තෙපුල නො ඉගෙණ, නො දැහැමින් විනිශ්චය කරවයි, ප්‍රතිඥා නො කිරීමෙන් විනිශ්චය කරවයි, ඇවැත නො දනියි, ආපත්තිමූලය නො දනියි, ආපත්තිසමුදය නො දනියි, ආපත්ති නිරෝධය නො දනියි, ආපත්තිනිරොධගාමිනී පටිපදාව නො දනී.