ෂට්කය
1. අගාරව සයෙකැ, ගාරව සයෙකැ, විනීතවස්තු සයෙකැ, සාමීචිධර්‍ම සයෙකැ, ආපත්තිසමුට්ඨාන සයෙකැ, ඡේදනක ආපත්ති සයෙකැ, ෂඩාකාරයෙකින් ඇවැතට පැමිණෙයි, විනයධරයා කෙරෙහි අනුසස් සයෙකැ, පරම සයෙකැ, තුන් සිවුරෙන් වෙන් වැ විසිය යුතු ස රැයෙකැ, සිවුරු සයෙකැ, රජන සයෙකැ, ඇවැත්හු සදෙනෙක් කයින් ද සිතින් ද නගිති වචනයෙන් නො නගිත්, ඇවැත්නු සදෙනෙක් වචනයෙන් ද සිතින් ද නගිති කයින් නො නගිත්, ඇවැත්හු සදෙනෙක් කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්, කර්‍ම සයෙකැ, විවාදමූල සයෙකැ, අනුවාදමූල සයෙකැ, සාරාණීය ධර්‍ම සයෙකැ, දිගින් සුගත්වියතින් සවියතෙකැ පුළුලින් සවියතෙකැ, ආචාරීන් කෙරෙන් නිසමිදීම් සයෙකැ. නැහැමෙහි අනුප්‍රඳප්ති සයෙකැ. විප්පකතචීවරය ආදානය කොට නික්මෙයි යන ෂට්කයෙකැ. විප්පකතචීවරය සමාදානය කොට නික්මෙයි යන ෂට්කයෙකි.
2. අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළයුතු යැ, නිස දිය යුතු යැ. හෙරණකු ලවා උවටැන් කරවිය යුතුයි: අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙත් යුක්ත වෙයි, දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළ යුතු ය. නිස දියයුතු ය. හෙරණකු ලවා උවැටන් කරවිය යුතු ය: තෙමේ අශෛක්‍ෂශීලස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂශීලස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍මකළ යුතු යැ. නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: සැදැහැ ඇතියේ වෙයි, පාපයෙහි ලජ්ජා ඇතියේ වෙයි. පාපයෙහි බිය ඇතියේ වෙයි. රුකුළු වැර ඇතියේ වෙයි. එළඹ සිටි සිහි ඇතියේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළ යුතු යැ නිස දිය යුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: අධිශීලයෙහි ශීලවිපන්න නො වෙයි. අද්ධ්‍යචාරයෙහි ආචාරවිපන්න නො වෙයි. සම්‍යක් දෘෂ්ටියෙහි දෘෂ්ටිවිපන්න නො වෙයි. බහුශ්‍රුත වෙයි. ප්‍රඥා ඇතියේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළයුතු යැ නිස දියයුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: ගිලන් වූ අතැවැසියකුට සද්ධිවිහාරිකයකුට උවැටන් කරන්නට හෝ උවැටන් කරවන්නට හෝ ප්‍රතිබල වෙයි, උකටලී වූවකු එයින් මුදවාලන්නට හෝ මුදවාලවන්නට හෝ ප්‍රතිබල වෙයි. උපන් කුකුස් දැහැමින් දුරලන්නට හෝ ප්‍රතිබල වෙයි. ඇවැත දනියි, ඇවැතින් නැගීම දනියි, දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළ යුතු යැ නිස දිය යුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතුයි: අතැවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්‍ෂායෙහි හික්මවන්නට ප්‍රතිබල වෙයි, ආදිබ්‍රහ්මචරියක ශික්‍ෂායෙහි විනයන කරන්න ප්‍රතිබල වෙයි, අභිධර්‍මයෙහි විනයන කරන්නට ප්‍රතිබල වෙයි, අභිවිනයෙහි විනයන කරන්නට ප්‍රතිබල වෙයි, උපන් මිථ්‍යා දෘෂ්ටිය දැහැමින් බැහැර කරන්නට ප්‍රතිබල වෙයි, දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්‍ම කළ යුතු යැ නිස දිය යුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: ඇවැත් දනියි, නො ඇවැත් දනියි, ලුහු ඇවැත් දනියි. ගරු ඇවැත් දනියි, සූත්‍ර වශයෙනුදු අනුව්‍යඤ්ජන වශයෙනුදු උභය ප්‍රාතිමෝක්‍ෂ විස්තර වශයෙන් මොනොවට පුහුණු කරණ ලදුයේ මොනොවට විභාග කොට ගන්නා ලදුයේ මොනොවට දැරීම් විසින් පවත්වා ගන්නා ලදුයේ මොනොවට විනිශ්චය කොට දැන ගන්නා ලදුයේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
3. නො දැහැමි පාමොක් තැබීම් සයෙකි.
දැහැමි පාමොක් තැබීම් සයෙකි.
ෂට්කය නිමි.
එහි නාමාවලිය:
1. අගාරව යැ, ගාරව යැ, විනීතවස්තු යැ, සාමීචි යැ, සමුට්ඨාන යැ, ජෙදන යැ, ආනිසංසය සමග ආකාර යැ.
2. පරම සය යැ, ඡාරත්ත යැ, චීවර යැ, රජන යැ, කායතෝ චිත්තතො යැ, වාචතො චිත්තතෝ යැ.
3. කායවාචාචිත්තතෝ යැ, කම්ම යැ, විවාදමූල යැ, අනුවාදමූල යැ, දීඝසො යැ, නිස්සය පටිප්පස්සද්ධි සමග තිරියං යැ.
4. නහානෙ අනුපඤ්ඤත්ති යැ, එසේම ආදාය සමාදාය දෙක යැ, අසෙක්ඛ යැ, සමාදපේතු යැ, අධිශීලය සමග සද්ධ යැ, ගිලාන යැ, ආභිසමාචාරික යැ, ආපත්ති යැ, අධම්මික යැ, ධම්මික යැ යි ෂට්කයෝ වෙත්.